76-

684 166 32
                                    

විනාඩියෙන් විනාඩිය මට හීන් දාඩිය දානවා. වනිශ්ගෙ එහා පැත්තෙ ඉදන් ඉන්න දෙව් දැක්කම ඇගෙ මාලු ගගෙ නටනවා. මූට මගෙ වටේට cctv දාලත් මම කවුද කියලා හොයාගන්න අමාරු වුන හැටියක්.... මරු එකා මෙතනට ආවේ. මූ දැන් මෙතන ඉදගෙන හිටියට දන්නවද දන්නෙ නෑ ශෙයා එකක් කියන්නෙ මොක්ක්ද කියලා...  එත් ඉන්න කොහොමද ශෙයාස් දෙව්ට ගියෙ. යසයි පොඩි පගයා කරගන්න වැඩ...

"මනෝ මෙතන මොකක් හරි අවුලක් තියෙනවද?"
"උඹ දන්නවනෙ මට පැලෑන් b එකක් නිතරම තිබ්බා කියලා... එත් මෙතන දෙව් ඉන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ..."
"ඉතින් මටත් එහෙමනෙ..."

"තෝ එක්ක කතා කරලා වැඩක් නෑ. තෝ දන්න ඇටි කෙහෙලක් නෑ.."

දෙව් මගෙ දිහා හොරෙන් බලන විත්තිය මට පෙනවා. එත් මම ගනන් ගත්තෙ නෑ. දැන දැන තාම ඌ වාර්නිශ් කාරයා එක්ක ඉන්නවා කියන්නෙ එකම තමයි ඌ ඌගෙ වල ෆ්‍රීම කපා ගන්නෙ.

"ගුඩ් ආෆ්ටනූන්... මම හොටෙල් C එකෙ වත්මයි පරිපාලක මණ්ඩලයෙ සභාපති. අපේ හොටෙල් එකෙ ලගකදි වුන යම් යම් හේතු මත ඩිරෙක්ටර් බෝඩ් එක ඉල්ලලා තිබ්බේ කම්පැණි එකෙ අයිතිකාරිත්වයෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න සියලුම කොටස් හිමියන් මෙතනට ඇවිත් ඉන්නවා.." ඌ කතාව නැවැත්තුවා. තිබ්බ කම්මැලි කමටම මම ෆෝන් එක ගත්තෙ නිකන් ශෙයා මාකට් එක ගැන බලන්න. මගෙ මේන් ටාර්ගට් එක මම කිව්වනෙ දැන් සුලු සුලු මගුල් නෙවේ. උසම අත්ත.

"අයියෙ හදිස්සියක් කෝල් එකක් ගන්න..." මනුෂි කවදාවත් එහෙම මැසෙජ් එකක් දාන්නෙ නෑ. ඒ සැකේටම මම වනිශ් දිහා බැලුවා ඌ ෆෝන් එක පෙන්නලා හිනා වෙනවා.

"අ.. හ්... එක්ස්කියුස් මී... මට පොඩි එජන්ට් වැඩක් තියෙනවා... මං වෙනුවෙන් මගෙ මැනේජර් මෙතන හැඩල් කරයි.." ටොපා මුකුත්ම දන්නෙ නෑ. එත් මම දන්නෙත් නෑ. සැක් මට හැමදේම රහසක් විදියට තියාගන්න තිබ්බා තව කාලයක්. මම ෆෝන් එකත් අරන් ආයෙත් දෙව් දිහා බැලුවා. එයා ඔහේ ඉන්නවා සෙල්ලන් බඩුවක් වගෙ. මටම තමයි මොකක් හරි කරන්න වෙන්නෙ. එළියට ගිහින් මම මනුෂිට කෝල් එකක් ගත්තා.

"මනූ මොකක්ද වුනේ.."
"අයියෙ මැරයො වගයක් ආවා. කැෆේ එක කුඩු කරලා දැන්මා."
"ඔයාලට තුවාලද?"
"මෑණියෝ... මැණියෝ තුවාල වුනා..." මගෙ නලලට හීන් දාඩිය දැන්මා. මූන් සෙල්ලම කරන්නෙ  මගෙ එක්ක  නම් ඇයි කොහෙවත් ඉන්න මිනිස්සු ටාර්ගට් එකක් වෙන්නෙ. මේක කරේ මොකෙක් වුනත් මම යහතින් තියන්නෙ නෑ..

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now