57-

797 157 27
                                    

"තාත්තේ ඔයාට ඇවිදින්න අමාරු නම් ඔය ගමන් වල දැන් යන්න හොද නෑ නේද?" මම අපේ සෙට් එකම ගිහින් මම‍යි තාත්තයි සාලෙ තනියම ඉන්නකොට කිව්වා.

"කවදා වෙනකල් මම ගෙදර ඉන්නද? අනික උඹත් ගෙදර ඉන්න එකෙක්ද? දැන් රිටය වෙන්නත් කාලෙ හරි."
"ඔයාට එච්චර වයස නෑ."
"ඒ උඹට පේන හැටි."
"හැන්ඩියා වගෙ ඉන්න නිසා ඒ"
"එත් තාත්තේ ඔයා මට කියලා යන්නෙ නැත්තෙ ඇයි. ඔයා ගියා කියලා මම විතරයි දන්නෙ නැත්තෙ."

"උඹට මාත් එක්ක කතා කරන්න වේලාවක් තිබ්බද කියන්න කියලත්. ෆෝන් නම්බර් එකක්වත් දීලා නෑ මට."
"ඉතින් ඔය සුදු පුතාගෙන් ඉල්ල ගන්න තිබ්බනෙ."

"එක තමයි මගෙන් ඉල්ල ගත්තෙ නෑ." මෙන්න මූ පහලට එනවා.
"ඔන්න ආවා මදිපාඩුව" රවන ගමන් මම කියද්දී
"තාම හොද නෑනේ... ඇයි දරුවෝ පහලට ආවේ." මම අහන්න ඕනේ ඒවා වෙනත් පාර්ශ්වය  අහන නිසා මමත් ඉතින් ඔහෙ කට පියන් ඉදියා. එත් බලන්න එපැයි අසනීප වුනාමත් මගෙ මිනිහා ලස්සනයි.

"අනාහ් සුදු මහත්තයො... ඔයා උඩම ඉන්න ඕනෙනෙ... මොකද මේ පහලට ආවේ..." මම නිකන් කින්ඩියට කරාට තාත්තාගෙන් හොද පාරක් කෑවා. මේ ආදර හුටපට අන්තිමේට මගෙ පණත් නැති වෙයි වගෙ.

"ඉදපන් විහිලු නොකර. ගිහින් තේ එකක් හදන් වර." කමක් නෑ කමක් නෑ මම අද ඇටෙන්ඩන් වෙන්නන්.

මම නැගිටලා යද්දි බලන් ගියෙ ඇබාගෙ ඇස් දිහා. ඒවා මාරම ලස්සනයි. මලානික වුනත්. මූ මට නූලක් පැන්නුවාද දන්නෙ නෑ. ඒ තරම් දැන් මම වශි වෙලා...

"දැන් කාලගුණේ හොද නෑ දරුවෝ තෙමෙන්න එපා... ඉන්න උණ බලන්න." තාත්තා ඇබා එක්ක කතාවක් නිසා මාත් දෙන්නා දිහා බලන් හිටියා. දැන් තාත්තා මෙහෙම දෙව්ට සැලකුවත් මේ එෆේයා එක දැනගත්තොත් මොකක් වෙයිද කියලා තාම බයයි. එහෙම මොකක් හරි වුනොත් දෙව් විදවයි. මොකද එයා තාත්තාට වෙනමම සලකන්නෙ නෑ. එයාටත් ඒ තාත්තා. මම ඉස්සරහා ගැන වැඩියෙන් හිතනවා මොකද මම ඉස්සරහා අනාගතේවත් ඇබා මගෙන් දුරට යනවට ආසාවක් නෑ...

"මොනවද ඔච්චර මනෝ ගහන්නෙ..."
"ඇයි මට මනෝ කියලා කියන්නෙ ආතල් එකට කියලා හිතුවද?"
"කට නම් තියෙනවා"
"ඇයි ඊයෙ වැඩ දැක්කෙ නැද්ද සූටියෝ..." මම දෙව්ගෙ කන් එහාට මෙහාට නවන ගමන් අහනවා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now