41-

795 165 33
                                    

"ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන්...
එය දැන දැනම මම නුඹට පෙම් කර තරම්...
හිත වාවන්නෙ නෑ මා හඩනා තරම්...
නෙතු සගල බොද වීලා කදුලැල් අරන්...

ලා ලා ලා ලා...

"උඹට ඕක වත් මතක නැද්ද මනෝ..."
"මතක තිබ්බා නම් කියනවනෙ බල්ලෝ..."
"මතක් කරන් කියපන් එනම්... මට ඒ සිංදුව අහන්නම ඕනේ.." ටකා අද තමයි මුලින්ම කැම්පස් ආව දවස. මම ඌගෙ දාසිය වෙලා ඉන්නෙ. කෑම දෙනවා, වතුර දෙනවා, දැන් මම සිංදු කියනවා. තව ටිකකින් මූ මට මෙතන බල්ටි ගගහා නටන්න නොකිව්වොත් මම මනෝ නෙවේ. මූන් ඔක්කොම මේ මාව රේඩියෝ එකක් කරගෙන. අම්මගෙ රෙද්ද

"උඹ ඉදපන් මම කියන්නම් මනෝ... උඹටත් මහන්සි ඇතිනෙ." ටොපා මම වෙනුවෙන් ඉදිරිපත් වුන එක මට ප්‍රශ්නයක් නෑ... එත් ඇස් මහින්ද හිමි කිව්වා මතකද 'ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත' කියලා. එක මෙතනට අදාලායි තව ටිකකින් තේරෙයි.

'ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන්...' අපි හිටියෙ ලයිබ්‍රි එක ඉස්සරහා සෙට් වෙලා. එතනින් එහාට මෙහාට යන කෙල්ලෝ කන් වහ ගන්නවා. කොල්ලෝ බයික් වල යන ඌන් හැප්පෙනවා. ඉතින් දැන් තේරෙනවද? ටොපා යම් දේකට නෙවේ දෙක තුනකට සමත් වෙනවා ඇති. එත් මචන් සිංදු කියන්න නෙවේ. ඌ සිංදු කියනවා වොල්ඩමෝට්ට ඇහුනොත් ඉතුරු වෙලා තියෙන කන් දෙකත් කපා ගන්නවා. කොහොමත් ඌට නහයක් නෑනේ...

"ඇති... ඇති.... රසවින්දනෙ හිනි පෙත්තටම අපි ගියා. උඹට හිතෙන් නැද්ද කවදාවත් සුපර් ස්ටාර් යන්න ඕනේ කියලා"
"මම ඕඩියෝ එකක් යැව්වා බං. එයාලා තාම එන්න කියලා කිව්වේ නෑ." හිකිස් ඇත්ත මේකයි. ඌ ආසයි සිංදු කියන්න හැකියාව පිහිටුවේ නැති වුනාට. ඌ ක්ලාස් හිටන් ගියා. ගිටාර් ගහන්න නම් පුලුවන්. ඒ කරලා මූ සිංදු කියන වීඩියෝ අපිට එව්වා. විශ්වාස කරපන් ඔක්කොම කරේ විඩීයෝ එක ඩවුන්ලෝඩ් නොකරම විනාඩි 3ක් ඉදලා ලස්සනයි කියලා මැසෙජ් කරපු එක. ඌගෙ කට හඩ නිකන් ටකරමට බොරලු ගහනවා වගෙ. ඉතින් එහෙමයි ටොපා කියන්නෙ ගායනයට අධිපති.

"බලපම් උඹේ හඩට වශි වෙලා අර කෙල්ලො අපි දිහා බල බල යනවා." ගැටයා ඌව මුරුංගා අත්තේ තියනවා. මම අනන්තවත් ඕකට කියලා ඇති ඔහොම නෝණ්ඩි වෙන්න එපා සිංදු කියන්න එපා තොට බෑ කියලා ඌ අහන්නෙ නෑ. 'නෑ බං මට සෙම නිසා, a- එකෙන් මම් ගහන්න ඕනේ බං. ..'

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now