7-

995 208 32
                                    

මම හොමගම බස් එකෙ නැග්ග වේලාවෙ ඉදන් හිටියෙ අවුලෙන්. "සුදු මහත්තයෝ" තාත්තා මට කිව්වෙම බූරුවා නැත්තම් හරකා කියලා. සුදු මහත්තයා කියන හැම පාරම මම මාර විදියට බය වෙනවා. අම්මා අම්මා මැරෙද්දී මට වයා අවුරුදු 18ක් වෙනවා. මට හරියටම a/l  account පේපර් එක තිබ්බ දවස එදා. අම්මා නැති වුන දවසෙ ඉදන් තාත්තා එක්ක මාව බලා ගත්තෙ අම්මා අම්මා. උදේ හිනා මූණෙන් මට මල් වතුර එකක් ගෙනත් දුන්නෙ එයා. එත් එදා තාත්තා මම සුදු මහත්තයෝ අපි ගෙදර යමු කිව්වාම මම ගොඩාක් ආස කරා. මොකද බුරුවා, හරකා වගෙ එවා අහලම ඒ වචනෙට මම මාරම ආස කරපු නිසා. එත් ඒ සතුට ගෙදරට හැරෙන පාර ගාවම හේදිලා ගියෙ සුදු කොඩි එල්ලෙනවා දැක්කාම. අම්මා අම්මා මාව දාලා සදහටම ගිහින් තිබ්බා එදා. තාත්තා සුදු මහත්තයෝ කියනවට මම වෛර කරේ එදා ඉදන්. වෛරෙට වඩා මම බය වුනා. කවුද කැමති මෙච්චර මෙහෙම තනි වෙන්න.

මම ගෙදරට ලං වෙද්දී හිත බෙරයක් වගෙ ගැහෙනවා. අන්තිමේට මම ගෙදරට පය තියන්න හිත හදාගත්තා. කිසිම සද්දයක් බද්දයක් නැති ගෙදර තාත්තාගෙ හුස්මක සද්දයක්වත් නෑ. මම තාත්තාගෙ කාමරේට එබෙනකොට දැක්කෙ උදේ ඇදන් ඉන්න ඇදුමෙන්ම ඉන්නවා. වමනේ දාලා ඇද ගැට්ටේ. මම දුවලා ගියෙ තාත්තාගෙ ටයි එක බුරුල්කරන්න. එයා බුරුල් කරන්න ගිහින් තවත් බෙල්ල තද වෙලා වගෙ පෙන්න තිබ්බේ. ටයි එකත් බුරුල් කරලා කමිසේ උඩ බොත්තමත් ගලවලා මම වතුර ටිකක් පොවලා කට හෙදෙව්වා. සාමාන්‍යයෙන් අපේ තාත්තාට අපිරිසුවට දේවල් කරන්න බෑ.

"තාත්තා යමු හොස්පිටල්..."
"බෑ... මට උණක් විතරනේ."

"එහෙම කියලා බෑනෙ යමුකො..."
"මට බෑ ආයෙ..." ඒ කදුලු මාව කන්ට්‍රෝල් කරනවා ඉතින් තව මොනවා කරන්නද මම මොප් එක අරගෙන එතන හෝදලා දාලා නිර්මනි අක්කාට කෝල් එකක් ගත්තා.

"මොකො බූරු පැටියෝ... මම ලෙක් එකට යන්න හදන්නෙ."
"ආ එහෙනම් කමක් නෑ... මම තියන්නම්." මම කාටවත් වද දෙන්නෙ නෑ එක මගෙ විදිය.

"ජෝක් තේරෙන් නැද්ද බුරු පැටියෝ. කියනවා මොකක්ද අවුල."
"තාත්තා... අසනීපෙන්...."
"මොකක්... එයි කෝ හරියට කියනවා. මුකුත් පැහැදිලි නෑ ඔය කට හඩ කැඩෙනවානෙ. එනිවේ කොහෙද ඉන්නෙ ලොකේශන් දාන්න අක්කා දැන්ම එනවා." අක්කා එහෙම කියලා කිව්වාම මම අක්කට ලොකේශන් ශේයා කරා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now