මේ මහ දවාලේ එකපිට එක හෙණ දෙක තුනක් ගහද්දි මගේ අත් අතරෙ ඉන්න කොල්ලා ඒ සද්දෙට ගැස්සෙනවා මට දැනුනා.. මොකද වෙන්නෙ කියලා බලන්න මට එලියට යන්න ඕනෙ වුනත් ශාන්ව දාල යන්න කොහෙත්ම බෑ.. එයා මගේ ෂර්ට් එක ඇගිලිවලට ගුලි කරගෙන මාව තදින් බදාගෙන පපුවට ඔලුව තියාගෙන හිටියා.. ශාන්ව සන්සුන් කරන්න, එයත් එක්ක මම ඉන්නවා කියලා අගවන්න හෙමිහිට පිටට තට්ටු කරන්න පටන්ගත්තේ පොඩි දරුවෙක්ව නිදි කරවනවා වගේ..අහ්.. ඒ මොකක්ද..
ඒත් එක්කම වගේ ඇස් කොනින් මොකක් හරි ඡායාවක් දැක්ක නිසා ඔලුව හරවලා බැලුවත් කිසි දෙයක් ඇස්වලට අහු වුනේ නෑ..
හිත ඇදුන මායාවක් වෙන්න ඇති කියලා ඒ ගැන අමතක කරලා ශාන්ගෙ කොණ්ඩේ අස්සෙන් මගේ ඇගිලි මෘදුවට අරගෙන ගියේ පොඩ්ඩක් දෙපැත්තට වැනෙන ගමන්..
"මොන.. හ්.."
මේසෙ හරහා වැටුන හෙවනැල්ලට මං ගැස්සිලා ගියෙ කටින් හොද වචන දෙක තුනක් පිටවෙන එක ඉක්මනට නවත්තගන්න ගමන්..
ඒත් එක්කම වගේ ඒ හෙවනැල්ල අතුරුදන් වුනේ මගේ හිතට තවත් කේන්තියක් වගේම ගැස්සමක් ඇති කරන ගමන්..
"මොකාද මේ වෙලාවේ හොල්මන් කරන්නෙ.."
මටම එහෙම කියාගත්තත් එකපාරටම මතක් වුනේ..
අහ්.. දෙවියනේ..! මේ වෙලාවේ අපේ ඔක්කොම අය ඉන්නෙ පිරමීඩ් එක ලග නෙහ්.. !!
මගේ කොන්ද දිගේ හිරියක් ගලාගෙන යද්දි එහෙම්ම බැලුවේ ශාන් දිහා.. කොල්ලා හොදටම නිදි.. එයාව ශේප් එකේ ඇහැරෙන්නෙ නැතුව ස්ලීපින් බෑග් එක උඩින් හාන්සි කරලා මම එලියට ආවේ හෙවනැල්ලේ අයිතිකාරයව හොයාගන්න..
කූඩාරමෙන් එලියට ආව ගමන් පෙනුනේ පිරමීඩ් එක.. කට්ටිය ඇතුලට ගිහින් වගේ..
"හ්ම්..."
ඒ දිහා බලං හිටිය මට නොදැනිම ලොකු හුස්මක් පිටවුනා.. ඒක බලාපොරොත්තු කඩවීම නිසාද නැත්තං මේ දවස්වල වුන දේවල් නිසාද කියලා මටම හිතාගන්න බැහැ..
ඒ හිතට වද දෙන හැගීම අමතක කරලා කූඩාරම වටේ රවුමක් ගියත් කිසිම කෙනෙක් හිටියෙ නෑ.. පිරමීඩය ලග වැඩ වලට හදල තියෙන කූඩාරම ඇතුලේ නං අනිත් හතරදෙනා ඉදගෙන ඉන්නවා වගේ පෙනුනත් වැඩට ඉන්න හතරදෙනා පේන්න හිටියෙ නැහැ..
YOU ARE READING
The Cursed Ruby ᴼⁿᵍᵒⁱⁿᵍ
Fanfictionධනයට කෑදරව.. ඔවුන්ගේ නින්දට බාධා කරනවුන්ගේ.. ඉරණම විසඳීමට.. මඟ බලා සිටියි.. වියරුවෙන්...!!!