Part 13

171 26 2
                                    

දැක්ක හැමදෙයක්ම දැනුන හැම විකාර සිතුවිල්ලක්ම ශාන්ගෙ හිනාව පිරුන මූණ දැක්කහම මට අමතක වෙලා ගියා..

එයා සතුටින්..!

අපි කෙලින්ම කයිරෝ වල තියෙන හෝටලයකට ගිහින් කෙටි විවේකයක් අරගෙන ටිකක් රෑ වෙලා කුෆු පිරමීඩ බලන්න යන්නයි කතා වුනේ..

හරියටම හවස පහ වෙනකොට සර්ජූන් අපි නවාතැන් ගන්න තීරණය කල හෝටලය ලගින් අපිව බැස්සුවා.. දෙන්නටම එක කාමරයක් වෙන් කරද්දී ශාන් කිසිම විරුද්ධත්වයක් පෙන්නුවෙ නෑ..

අපිට ලැබුණු කාමරයේ තිබුනේ සිංගල් බෙඩ් දෙකක්.. ඒක දැක්කම මට මතක් වුනේ මීට සති තුන හමාරකට කලින් අපි දෙන්නටම තනි ඇඳක නිදාගන්න වුන එක ගැන මං කොච්චර කේන්ති ගත්තද කියලා.. එදා මට ඕන වුන තනි ඇද අද ලැබිලා තියෙනවා..
මම ඒ ගැන හිත හිත ඉඳිද්දී ශාන් මාවත් තල්ලු කරගෙන ඇතුලට ඇවිත් එයාගේ ඇඳට වැටුනේ මූණක් කටක් හෝද ගන්නෙවත් නැතුවයි..

මේ කොල්ලට කියලා වැඩක් නෑ..!

එයාට එහෙම්මම ඉන්න දීලා බෑග් එකෙන් ටවල් එකකුත් අරගෙන බාතෲම් එකට ගිහින් මම හිතේ හැටියට නා ගත්තා.. වතුර ටික ඇගට වැටෙනකොට කියාගන්න බැරි සනීපයක් දැනෙන්නේ.. කී දවසකට පස්සෙද දෙයියනේ මේ හිතේ හැටියට නා ගන්නේ..

පැයක් විතර වතුර හිටිය මම එළියට එනකොටම දොර ළඟ ඉනට අත් දෙක තියාගෙන හිටිය ශාන් මාව ආයෙත් පාරක් තල්ලු කරලා දාලා ඇතුලට ගියේ මටත් බැන බැන..

"ඇතුලට වෙලා පැලවෙලා හිටියද..! අපිටත් වැඩ කරගන්න තියෙනවා.. තව ටිකක් වෙලා හිටියනම් මගෙ බොක්ක පුපුරලායි මැරෙන්නේ..!!"

තවත් මොනවදෝ කියව කියව කුටු කුටු ගගා බනිද්දි මං ඒවා නෑහුන ගානට බැල්කනියට ගියෙ ඇදුමකුත් දාගෙනයි..

අපි ඉන්න කාමරයට ඈතින් තියෙන කූෆු පිරමීඩය හරි ලස්සනට පෙනුනා..

"ඩග්..!!"

"ශාන්..!! බාගෙට වොශ් දාගන්නෙ නැතුව හොදට නා ගන්න ළමයෝ.."

මම පිටිපස්ස බලන්න කරදර නොවී ශාන්ට කෑ ගැහුවේ මේ කොල්ලා බාතෲම් එකට ගිය පයින්ම ආපහු කාමරයට ආව සද්දෙ ඇහුන නිසයි..

The Cursed Ruby ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now