Part 2

277 37 21
                                    

මොකක් මෙයාද මගෙ සහයක.. එතකොට.. එතකොට... අහ්...!!!

මගේ සහයකයා වෙන කවුරුත් නෙමෙයි අර ඩ්‍රැකියුලා කොල්ලා...

මේ පාර මම එන්න තීරණය කල එක මහාම මහ මෝඩ වැඩක් ද මන්දා කියලත් හිතෙනවා..

මනුස්සයෙක්ගෙ පිටින් බලලා එයාලා හොදද නරකද කියලා අපිට කියන්න බෑ.. ඒත් මෙතනදි නං මං මේ කොල්ලට අකමැති මගේ නිදහසට බාධාවක් වෙන නිසයි..

සහයකයෙක්ව සයිට් එකෙන් අපිට දෙන්නෙ අපේ වැඩවලට සහයෝගයක් ලබා දෙන්න.. ඒත් අපිට සිද්ධ වෙනවා එයාව අපේ යටතෙම තියාගෙන බලාගන්න.. මාත් මුල් කාලේ සර් එරික්ගෙ සහයකයා විදිහට වැඩ කලා.. ඒත් මෙච්චර කාලෙකට මට සහයකයෙක් ඉදලා නෑ..

ඒකයි මම මේකට තවත් අකමැති..

මගේ ඉස්සරහට ඇවිදගෙන එන කොල්ලා දිහා බලාගෙන කල්පනාවක ගිලිලා හිටිය මාව ආයෙත් මේ ලෝකෙට ආවේ ඒ කොල්ලා මගේ මූණ ඉස්සරහට කරලා ගැහුව අසුරකින්..

"හායි ප්‍රොෆෙස'.. මම සීන් ශියාඕ ශාන්.. සර්ගෙ සහයකයා මම තමයි.."

මාස්ක් එකත් පහත් කරලා කටපුරා හිනාවෙමින් තමන්ව අදුන්වලා දුන්න කොල්ලගෙ බැලූ බැල්මට පෙනුමෙනං වරදක් නෑ.. ටිකක් දඟ පාටයි.. කොහොම වුනත් වැඩිය කරට ගන්න හොද නෑ..

"ම්න්.. ඒක තමයි.. ඔය ඇදුම රස්නෙ වැඩි නැද්ද.."

මේ කොල්ල ඇදන් හිටිය ඇදුම ගැන ආයෙත් හිත හිත හිටිය මගේ කටින් පිටවුනේ පිස්සු ප්‍රශ්නයක්.. ඉව්.. යීබෝ.. තමුන් මොකක්ද ඒ කිව්වෙ.. අදුනගැනීම සතුටක් කියලනේ කියන්න ඕන.. ශිට් බලනවා අර කොල්ලාගෙ හිනාව.. මහ නක්කල් හිනාවක් දාන්නෙ..

"ආ.. ටිකක් රස්නෙයි තමයි ස'.. මං ලන්ඩන් වලට ගැලපෙන්නනේ ඇදගෙන ආවේ.."

මුලින් මගේ ප්‍රශ්නෙට පුදුම වුනත් පස්සෙ කටකොනින් නක්කල් හිනාවක් දීලා කොල්ලා උත්තර දුන්නා.. ඊව් යීබෝ කොල්ලා හිතන්න ඇති උඹ ඌව ඇස්වලින් කෑවා කියලා..

හරිම ශෝක්.. පලවෙනි පියවරෙන්ම ඇදගෙන නෑවා..

කොහොම හරි සර්ජූන් ඇවිත් අපිට වාහනය ලගට එක්කගෙන යනකල් මං නං ආයෙ ඒ මූණ දිහාවත් බැලුවෙ නෑ..

The Cursed Ruby ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now