Part 4

106 22 16
                                    

සර් එරික් ගැන මට ශාන්ට කියන්න වුවමනා වුනත් මෙහෙට ආව ගමන් කොල්ලව බය කරන්න හිතුනෙ නෑ.. කරන්න තියෙන හොඳම දේ එයාව මගේ ඇස් මායිමේම තියාගන්න එක..

ශාන් තමන්ව සර් එරික්ට හදුන්වා දෙද්දි ඒ මනුස්සයගෙ ඇස් ශාන්ගෙ ඇග පුරාම ගියා.. මම පුලුවන් තරං කොල්ලව සර් එරික්ට නොතේරෙන්න කවර් කරන්න හැදුවත් ඒක හරි යන්නෙ නැති නිසා එතනින් ගැලවෙන්න ඕනකමටම සයිට් එකත් බලන්න යන්න ඕන කියල කිව්වා..

ඒක කිව්ව විතරයි මේ මිනිහත් එකපයින්ම අපිත් එක්ක එන්න හැදුව නිසා බොහොම අමාරුවෙන් එතනින් ගැලවිලා මම ශාන්වත් ඇදගෙන එන්න ආවා..

මේ මනුස්සයා ලගදීම හොද පාඩමක් ඉගෙන ගෙන තමයි නවතින්නෙ..

ශාන් මගේ...

මගේ සහයකයා..

අර ඇස්වලින් කොල්ලව ආරක්ෂා කරගන්න ඕන කියන හැඟීම මගේ හිතට තදින්ම දැනෙන්න ගත්තා..

ටිකක් දුර යනකොටම මට දැනුනෙ කවුරුහරි මගේ අත ආපස්සට අදිනවා වගේ.. උදේ දැකපු හීනෙත් මතක් වුන නිසා එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවත් මම දැක්කෙ ඇස් දෙකත් අමුතු කරගෙන මං දිහා බලාගෙන මගේ අතේ හිරවෙලා තියෙන එයාගෙ අත ගලවගන්න උත්සහ කරන ශාන්ව..

"ඇයි.."

හිතට දැනුන කේන්තියත් එක්ක මං ඇහුවෙ ටිකක් තදින්..මගේ අතින් ඒ අත මුදව ගත්ත ශාන් එයාගෙ අත පිරිමැද්දෙ මටත් රවන ගමන්..

පව්.. කොල්ලගෙ අත රතුවෙලා.. හිතේ තිබ්බ නොරිස්සුම් ගතියට මං එයාගෙ අත තදින් අල්ලලා...

"දැන් සයිට් එකට යන්නෙ නැද්ද.."

කොල්ලා මගෙන් ඇහුවෙ නිකං අමනාපෙන් වගේ..

ශිට්.. මට අමතක වුනානේ.. අතනින් ගැලවිලා ආවේ සයිට් එක බලන්න යනවා කියලානේ.. සර් එරික්ගෙන් කොල්ලව බේරගන්න ඕන විදිහ හිත හිත ඇවිත් ඒකත් මතක නැති වුනා..

අතේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුවම දැක්කෙ හතට කිට්ටුයි කියලා.. දැනටමත් අනිත් කූඩාරම් වල එලි දල්වලා.. අහසෙත් ලා එලියක් තියෙනවා.. ලාවට විතර පිරමීඩය බලාගන්න පුලුවන් වෙයි..

The Cursed Ruby ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ