Part 8

136 25 12
                                    

උදෙන්ම නැගිටලා අපි පිරමීඩ් එක පැත්තට ගියේ ශාන්ටත් කිසිම අමාරුවක් නැහැ කියලා කිව්ව නිසයි.. සීල් එක කඩපු අත්උදව්කරුවෝ ටික අදත් කලින්ම වැඩ පටන්ගෙන තිබුනා..

මමයි ශානුත් එයාල ලඟට ලං වුනේ ඊයේ මොනව හරි වැදගත් දෙයක් හම්බුනාද කියලා දැනගන්න.. අර වැහි නැතුව ගහපු හෙණ ගැන දැනගන්න මට තිබ්බෙ ලොකු වුවමනවක්.. මේ ගැන එරික්ගෙන් දැනගන්න පුලුවන් වුනත් මේ උදේ පාන්දර ඇගේ තියෙන ලේ ටික පුච්ච ගන්න මට ඕනේ වුනේ නැහැ..

ඒ මිනිස්සු හතරදෙනාම ඊජිප්තු ජාතිකයින්.. අපේ වැඩපලට උදව් වෙන්න වගේම මෙහෙ තියෙන බර වැඩ කරන්නත් ඉන්නේ මෙයාලමයි.. සාමන්‍යයෙන් මේ වගේ වෙන සයිට්වල නම් අත්උදව්කරුවන් දහදෙනෙක් විතර හිටියත් මෙතන වැඩට හිටියේ හතරයි.. මේවා ඉතිං එරික්ගේ තීරණ..

මේ මිනිස්සුන්ගෙ මූණුවල නම් හිනා පොදක් නැහැ.. ශාන් බෑ බෑ කියලා පස්ස ගහද්දි එයාවත් ඇදගෙන මං ගියේ වැඩ කර කර හිටිය කෙනෙක් ලගට..

ශාන් අද උදේ නැගිට්ට වෙලාවෙ ඉදං  බුම්මගෙන ඉන්නෙ..මෙයා මේ ඊයේ වෙච්ච දේවල් වලට තාමත් පලිගන්නවා.. දැන් නං ශාන්ගෙ මූණෙයි මේ වැඩකරන අයගේ මූණුවලයි අතර කිසි වෙනසක් නැහැ.. ඔක්කෝම බුම්මන්.. ඕක නිකමට හරි මගේ කටෙන් පැන්නොත් නං මම ඉදලා ඉවරයි.. ඉස්සරහට මේකා එක්ක කොහොම වසන්න වෙයිද මන්දා.. ඒ නිසා මං ඊයේ රෑ ගත්ත තීරනේ ගැන ආයෙත් පාරක් හිතන්න ඕනේ.. මොකද මේක මගේ අනාගතේට බලපාන දෙයක්..

"ක්හ්ම්.. ක්ම්.."

එතනට එනකල් එක එක විකාර හිතපු මම උගුර පෑදුවේ ඒ මනුස්සයගෙ අවධානය මගේ පැත්තට ගන්න..මගේ සද්දෙට වැඩෙත් නතර කරලා හැරිලා බැලුවෙ මොකක්ද වුවමනාව කියලා අහන්න වගේ.. ඒ ඇස්වල කිසිම ජීව ගුණයක් නෑ.. මේ මිනිහා ඊයෙ හොදට හිටියනේ.. රෑ ඇවිත් අපේ ඉඳුල් භාජන අරගෙන යනකොටත් මාත් එක්ක හොදට හිනා වෙලා කතා කලානේ..

"ඊයේ ප්‍රධාන දොරටුවේ සීල් එක කඩනකොට තමුනුත් එතන හිටියද.."

කිසිම මනුස්සගතියක් නැතුව ගහන්න වගේ බලන් ඉන්න ඒ මිනිහගෙන් මමත් ඇහුවෙ කිසිම තෙතමනයක් නැති කටහඩකින්.. ඒකට පිලිතුර විදිහට ඔලුව උඩට පහලට කල ඒ මිනිහා ආයෙමත් කර කර හිටිය වැඩේ පටන් ගත්තේ අපිව තඹේකටවත් මයිම් නොකරයි..

The Cursed Ruby ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈHikayelerin yaşadığı yer. Şimdi keşfedin