Part 5

108 23 39
                                    

ජොනතන්, හෙන්රි ඉන්න කූඩාරමට අපි දෙන්නා ඇතුල් වෙනවත් එක්කම එරික් එක්ක කේමාල්නුත් ඇතුලු වුනා..

"සර්.. ම්.. මේ.. මේ.."

ජොනතන් ගොත ගගහ කියද්දි..

"මොකද ජොනී ගොත ගහන්නෙ.. ඇයි ඔයාලට මොනවද හම්බුනේ.."

එරික් ඇස්දෙක හීනි කරලා ඇහුවෙ ජොනතන් වගේම හෙන්රි දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්..

"සර් එරික්.. අපිට සීල් කල දොරටුව ලග තියෙන බිත්තියෙ රූපාක්ෂර වගයක් හම්බුනා.. අපි මේ ඒක පරිවර්තනය කරන ගමන්.. ඒත්.. ඒත්... මේ.."

"ඒත්...??"

"ඒක නිකං ශාපයක් වගේ.."

මුලු කූඩාරම පුරාවටම එකපාරටම පැතිර ගියේ ලොකු නිහඩතාවයක්.. ශාන් මගේ අත තද කරලා මිරික ගත්තා..

"හහ්.. හහ්.. හහ්.. හහ්.. හා..."

"හහ්.. හහ්.. හහ්.. හහ්.. හා..."

එරික් එකපාරටම හිනාවෙන්න පටන් ගත්තෙ ඒ හිනාවට කේමාලුත් හවුල් වෙද්දි..

"තමුන්ලට විකාර ද.. මොන ශාපද මනුස්සයෝ.. ඔන්න ඕක පරිවර්තනය කරලා ගන්නවා.."

එරික් එහෙම කියද්දි ජොනතන්ගෙ වගේම හෙන්රිගෙ මූණත් කලු වෙලා ගියා..

"ඒත් සර්.. මතකද හොවාඩ් කාටර් මහත්තයාට වුන දේ.. එයාලත් ටුන්ටකාමුන්ගෙ සොහොන්ගැබ විවෘත කරනකොට මේ වගේ ශාපයකට අහුවුනේ ඒ සොහොන් ගැබ කෙලෙසුව නිසයි.. ඒ ගවේෂණයට ගෑවුන හැම කෙනෙක්ම මැරුනෙ අභිරහස් විදිහට.. ඒ ශාපය එයාලගෙන් නතර වුනේ නෑ.. ඒ පවුල්වල අයත් එක එක හේතු හින්දා මැරිලා ගියා.."

හෙන්රි එහෙම කියද්දි ජොනතනුත් ඒක අනුමත කරන්න ඔලුව දෙපසට වැනුවා.. කේමාල් එයාගෙ ඇස් දෙකත් හීනි කරගෙන එරික් දිහා බලද්දි අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඒ හැමෝගෙම මුහුණු වල ඇති හැගීම් නිරීක්ෂණය කලා..

"ඒක ඒ මිනිස්සුන්ගෙ අවාසනාව.. අනික එහෙම ශාපයක් තිබ්බා නං මුලින් මැරෙන්න ඕන කාටර්.. ඒ මනුස්සයා කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙලා අවුරුදු 64දිනෙ මලේ.. මේ අහන්න  හැමෝම.."

එරික් අවධාරණයෙන් කතා කරද්දි..

"මේ පිරමීඩය මිත්‍යාවක් කියලා ලේබල් ගහපු පිරමීඩයක්.. මං මේක හොයාගන්න මගේ ජීවිතෙන් ලොකු කාලයක් කැප කලා.. මං කිසිම මනුස්සයෙක් මුහුණ දීපු නැති දේවල්වලට මුහුණ දුන්නා.. දැන් ඔයාලා මට කියන්නෙ මේ කෙහෙල්මල් ශාපයක් නිසා අවුරුදු ගානක මහන්සිය අතැරලා දාන්න කියලද.."

The Cursed Ruby ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTahanan ng mga kuwento. Tumuklas ngayon