_18_

82 17 16
                                    


"හෙලෝ මිස්ට කිම්!"

" හායි මිස්ට ස්ටීවන් ඇන්ඩ් මිස්ට රොබට්!"

"ටේක් අ සිට්"

එකිනෙකාට ආචාර කරගත් පසු ටේහ්‍යුන්ග් සහ ඔහුගෙ ව්‍යාපාර සහකරුවන් දෙදෙන අසුන්ගත්තෙ ටේහ්‍යුන්ග් නැවතී සිටින තානායමේම අවන්හලේ ඔවුන්ගෙ ව්‍යාපාර හවුල්වීමේ  ප්‍ර්‍රීතිය පිණිස ජයපැන් පුරන්නටයි...

ටේහ්‍යුන්ග් උදෑසන සෙලීන්ට සූදානම් වීමට පැවසුවේ මේ සඳහායි...
සෙලීන් අකමැති වුනත් ඇයව තමන්ගෙ බැව් පෙන්වීමට ටේහ්‍යුන්ග් කැමති වුනා...
සෙලීන්ගෙ වුනත් අකමැත්තක් තිබුනා කියලා හිතන්න බැහැ...
ඒත් මෙතනට පැමිණීම ගැන තියෙන්නේ ටිකක් අපහසුකාරී හැඟීමක්...
මොකද මෙතන සිදුවෙන දේවල්, කතාබස් වෙන දේවල් වගේම එන අය ගැනත් සෙලීන්ට එතරම් පැහැදීමක් නැ...
ඇය අකමැති මාතෘකා!

ඒ තානායම ඇත්තෙන්ම අධි සුඛෝපභෝගී එකක් වුනෙ මෙවැනි ව්‍යාපාරිකයන්ට මනා තෝතැන්නක් බවට පත්වෙලා...

" ඔහ්! හූ ඉස් දිස් ප්‍රිටි ලේඩි? ඉස් දිස් යුව(ර්) වයිෆ් මිස්ට කිම්?"

ටේහ්‍යුන්ග්ගෙ ව්‍යාපාරික සගයෙක් වුනු රොබට් සෙලීන් දෙසට නෙත් යොමුකොට  එසෙ විමසුවේ ඇයව ඔහුට නෙත් ගැටුනෙ දැන් නිසා...

" නොට් යෙට්...බට් සූන් ටු බී..."

ටේහ්‍යුන්ග් මද සිනහවක් සමග එසේ පැවසුවෙ සෙලීන්ගෙ අත්ලෙහි තම දෑත් පටලවාගනිමින්...
ව්‍යාපාරික සගයන් වුවත් මොවුන්ගෙ චරිත පිළිබඳව හොදින්ම දන්නා හෙයින්...
ලස්සන ගැහැණුන් ඔවුන්ගෙ නෙත්වලට පෙනෙන්න බැරි බව ටේහ්‍යුන්ග් දැන සිටි නිසා...
සෙලීන්ට එවැන්නක් වීමට කෙසේවත් ටේහ්‍යුන්ග් ඉඩනොදෙන නිසා...

වෙනත් පිරිමියෙක්ගෙ ඇස් ඇය මතට වැටීම ටේහ්‍යුන්ග්ට කොහෙත්ම රිස්සුම් නොවන දෙයක් බවට මම කිව යුතු නැහැ...
කුමන ආකාරයෙ බැල්මක් වුනත් එය හෙලන්නාගෙ දෑස් උගුල්ලා දමන්නට තරම් ටේහ්‍යුන්ග් එවැන්නක් රිස්සුවෙ නැහැ...
එබැවින් මෙවන් අවස්ථාවක සෙලීන් ඔහුගෙ බැව් පෙන්වීමට අවශ්‍ය සියල්ලක්ම ඔහු විසින් සිදුකරාවි...

SELENE || JJK || Ongoing Tahanan ng mga kuwento. Tumuklas ngayon