_11_

102 17 4
                                    


~And I get the feeling that u never need me again...

What am i now?
What am i now?
What if i'm someone i don't want around?

I'm falling again; I'm falling again; I'm falling...

What if I'm down?
What if I'm out?
What if someone you won't talk about?

I'm falling again; I'm falling again; I'm falling~

මත්වතුර බෝතලයක් කුඩුවුන වීදුරු කෑලි ජන්කුක්ගෙ සාලය පුරා විසිරිලා තිබුනා...
එයින් හමාගෙන පැමිණි දුර්ගන්ධයත් ඒ ඉසව්වම වසාගෙන තිබුනත් ජන්කුක්ගෙ නාස්පුඩු වලට ඒවා දැනුනෙ නැති හැඩයි...
එහෙමත් නැත්තං හොඳටම හුරුපුරුදු නිසා වෙන්නත් ඇති...
ඒ වීදුරු කෑලි වලට කැපිලා ලේ ගලන යටිපතුල් සහිතව ජන්කුක් සාලයේ සෝෆා එක පාමුල ඉදගෙන ඔහෙ ඉස්සරහ බලන් හිටියා...
කැපුනු තුවාල වලට මත්වතුර ගෑවිමෙන් තුවාල වල වේදනාව දෙගුණ වෙලා දැනුනත් ජන්කුක් ඒ ගැන බැල්මක්වත් හෙලන්න මහන්සි නොවී හිටියා...
මොකද ඔහු ඇතුලතින් ඊට වඩා සියදහස් ගුණයක වේදනාවක ගිලෙමින් හිටියා...

ජන්කුක් ඇඩුවෙ නෑ...
මොකද ඔහු ප්‍රතිපත්ති කඩන්න සූදානම් වුනෙ නෑ නිතරම වගෙ...
ඒත් ඔහුගෙ හදවත අසාමාන්‍ය ලෙස ඇදුම්කමින් තිබුනා...
ටේහ්‍යුන්ග් තමන්ගෙ නිවසටම පැමිණ, තමන්ගෙ අත් අතර සිටි සෙලීන්ව තමන්ටම සද්දෙ දාලා අරන් ගිය එක තමන්ගෙන් වෙන් කරලා එක්කන් ගිය විදිය, ඔහුගෙ මුවින් පිටවුන වචන, තමන් ඒවට එකට එක කියන් ගිය විදිය, ඒ වෙලාව පුරාම සෙලීන්ගෙ මුහුණෙ තිබුනු අසරණ පෙනුම ජන්කුක්ව තවත් ව්‍යාකූල කරා...
වේදනාවට පත් කරා...
තමන්ගෙ තුවාල වලට බෙහෙත් දාගන්න ඕන කියන හැගීමත් යටපත් වෙන තරමටම...

ඔහුගෙ වහල යටම එච්චර දෙයක් වෙනකම් කිසිත් කරගත නොහැක්කෙක් මෙන් සෙලීන්ව ඒ විදියට අරන් යන්න දුන් එක ගැන ජන්කුක් තමන්ටම දොස් කියාගත්තා...
දුක් වුනා...
ටේහ්‍යුන්ග් ගැන වගේම තමන් ගැනත් වෛරයක් ඇති වුනා...
නමුත් කරන්න දෙයක් නැති බව මෙන්ම වෙන්න තියෙන දේවල් වලක්වන්න නොහැකි බවත්, කිසිවක් අතින් අල්ලා බලෙන් තබාගත නොහැකි බවත් ජන්කුක්ට තේරුනා...
සෙලීන් නිසාම ඒ දේවල් ජන්කුක් තේරුම් ගනිමින් හිටියා...
නමුත් ඔහුගෙ ඇග ඇතුලෙන්ම දැනෙන ඒ හැගීම යටපත් කරගන්න විදියක් ඔහුට තිබුනෙ නැහැ...

SELENE || JJK || Ongoing Where stories live. Discover now