_03_

158 30 1
                                    

                          

'ම්ම්හ්...ටේහ්‍යුන්ග් නැගිටින්නෙ නැද්ද!?'

සුපුරුදු විදියටම කාමරේ ඝන තිරරෙදි අතරින් ගලන් ආව හිරු කිරණ නිසා ඇහැරුනු කෙල්ල ඒ විදියට ඇහුවෙ තවමත් ඇයව තුරුල් කරන් සිහින ලෝකෙ ගිලිලා ඉන්න ටේහ්‍යුන්ගෙන්...

' ම්ම්ම්...'
ටේහ්‍යුන්ගෙන් ඒ දේට ලැබුනෙ මිමිනිල්ලක් විතරයි...

' නැගිටින්නෙ නැද්ද ඔෆිස් යන්නෙ නැද්ද...හුම් හුම් ගාන්නෙ'

ටේහ්‍යුන්ග්ගෙ ඇස් වැහෙන්න වැටිලා තිබුණු එ සිනිදු කෙස් රොදක් එහාට කරන ගමන් ඇය ආයෙත් ඇහුවා...ඇය දන්නෙ නැහැ ඇයි ඇය මෙහෙම දේවල් කරන්නේ කියලා...නමුත් අමුතුම හැගීමක් ඇයගෙ හිතේ ටේහ්‍යුන්ග් ගැන තියෙන බව නොරහසක්...
ඒ හැගීම ආදරයක් නොවන බවත් නොරහසක්...

' ම්ම්ම්...අද දවල් වෙලා යමු...'
යන්තම් ඇස් ඇරගත්ත ටේහ්‍යුන්ග් උත්තර දුන්නා...

' යමු කිව්වෙ!?'
ඇහිබැම හකුලවාගෙන ඇය ටේහ්‍යුන්ගෙන් ඇහුවා...

' යමු කිව්වෙ ඔයයි මායි ඔෆිස් එකට යමු...'
කෙල්ලට තව ටිකක් තුරුල්වෙන ගමන් ටේහ්‍යුන්ග් කිව්වා...පොඩි එකෙක් වගෙ මූණත් හදන් තවත් තමන්ගෙ අස්සට ගුලිවෙන මේ පිරිමියා දිහා ඇය බලන් හිටියෙ උණුසුම් බවකින් හිත පිරිලා යද්දි...

' ඇයි මම!?'

'ම්ම්ම්...අද දවල් 12න් පස්සෙ මීටින් එකක් විතරයි තියෙන්නේ ඒකයි දවල් වෙලා යමු කිව්වෙ...අනෙක ඊයෙ පාටි එක නිසා මහන්සිත් එක්ක නෙ...එතකොට ඒක තියෙන්නේ ජියෝන් ජන්කුක් එක්ක...ඒකයි ඔයාටත් යමු කියලා කිව්වෙ...'
සම්පූර්ණයෙන්ම ඇහැරෙමින් ටේඑහ්‍යුන්ග් කිව්වා...

' ජ-ජන්කුක්...එ-එයා එන්නෙ මොකටද!? එයා එන නිසාද මේ මාවත් එක්කන් යන්න හදන්නෙ...'
තාමත් ඒ නම ඇහුනත් ඇතිවන වෙව්ලීම,ගොතගැහීම ගැන කෙල්ලට අදහසක් නැහැ...ජන්කුක් ඉස්සරහට යන්නත් කෙල්ල කැමති නෑ...ඊයෙ ජන්කුක්ව දැකලත් කෙල්ල අමාරුවෙන් පාලනය වෙලා හිටියෙ...
අනිත් එක ජන්කුක්ට රිද්දන්න ටේහ්‍යුන්ග් තමන්ව පාවිච්චි කරනව කියලා දන්නවා වුනත් කෙල්ල ඒකට එතරම් කැමති වුනේ නැහැ...
මොනව කොහොම වුනත් ජන්කුක්ට රිද්දන්න කෙල්ල කැමති වුනෙ නෑ...
ඒවගේම තමන් ටේහ්‍යුන්ග් එක්ක ඉන්නකොට අඩුම ගානෙ ජන්කුක් ඒ ගැන සැලකිලිමත් වෙනවද කියලවත් කෙල්ල දැනන් හිටියෙ නෑ...
කොහොම වුනත් කෙල්ලට ඕන වුනෙ එ දේවල් වලින් ඈත්වුනු එක එහෙමම ඉන්න...

SELENE || JJK || Ongoing Where stories live. Discover now