_01_

505 39 4
                                    

                             

නොනවත්වාම වැදෙන කැමරා එලි, මාධ්‍යවේදීන්ගෙ කලබල හැසිරීම්, එලියෙ රැස්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ කෑගැහිලි, ඇස් නිලංකාර වෙන තරමට කරපු සැරසිලි, එකක් පස්සෙ එකක් ඇවිත් ශාලාවෙ ඇතුල්වීම ලගින් නවත්තන හොඳම වර්ගයේ මිල අධික සුඛෝපභෝගී මෝටර් රථ සෝල් නගරයේ තානායම් අතරින් ඉහළින්ම වැජඹුණු ඒ තරු පහේ තානායම එදින සැදෑවේ දී වර්ණවත් කරා...

එය කොරියාවේ ඉහළින්ම හිටි ව්‍යාපාරිකයන් එක්වන වාර්ෂික ව්‍යාපාර සාදය වුනා...කොරියාවේ සිටි දක්ෂම, වැඩිම ආදායම් ලබන, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් සියල්ල මෙතනට රැස්වුනා...හැම වසරක් පාහේම මෙය පැවත්වුනා...ව්‍යාපාරිකයන් දිරිගැන්වීම,එකිනෙකාගෙ ව්‍යාපාර ගැන කතාබහ කිරීම, සතුටු සාමීචි, අලුත් ව්‍යාපෘති, අලුත් මිත්‍රකම්, පරණ හතුරො, කෑම බීම,මත්පැන්,සංගීතය එකී නොකී හැමදේකින්ම ඒ දවස පිරෙනවා...ඔවුන්ගෙ පවුල් වල උදවියත් සහභාගි කරවගැනීමට ඉඩ සලසා ඇති මෙය ඇත්තෙන්ම ඒ කාර්යබහුල, අවිවේකී ජීවිත වලට වසරකට වරක් හරි ලැබෙන මහගු අවස්ථාවක් වුනා...

එහිදී වසරේ දක්ෂතම ව්‍යාපාරිකයාට හිමි සම්මානය වැනි සම්මාන සහ ඇගයීම් ප්‍රධානය කිරීමකුත් සිද්ධවුනා...වසරෙන් වසරට එම ස්ථාන වෙනස් වෙමින් පැවතියත් පහුගිය වසර ත්‍රිත්වයේම ඒ ස්ථානය හිමිකරගත්තෙ එකම කෙනෙක්...හැමෝගෙම පුදුමෙකට මෙන් ඔහු තවමත් තනිකඩ තරුණ වියෙ පසුවන කෙනෙක් වුනා...නමුත් ඔහුගෙ දක්ෂතාවය, අත්දැකීම්, බුද්ධිය මේ කිසිදෙයක් තරුණ වියෙ පසුවුනෙ නැහැ...ඒ කියන්නේ ඒ අතින් ඔහු ගොඩක් පරිණතයි...ඒනිසාම වන්නට ඇති පරම්පරාගතව ව්‍යාපාර ලෝකෙ නියලුණු, ඔහුට වඩා වයසින් වැඩි අය සිටිද්දිත් ඔහුටම තෙවරක්ම මේ සම්මානය හිමිවුනෙ...

හැමෝම මේ නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ ඔහු එනතුරු තමයි...දැනටමත් සියල්ලන්ම පාහෙ පැමිණිලා සිටි මෙහි හැමදාමත් වගේ හැමෝගෙම අවධානය දිනාගන්නට ඔහු අදත් ප්‍රමාද වී පැමිණෙයි...
සුලු මොහොතකට පසු සියල්ලන්ම බලාසිටි ඒ අවස්ථාව...විශේෂයෙන්ම තරුණියන්...ඔහු පැමිණියා තමන්ගෙ මේ දිනවල තිබෙන හොඳම මිලියන ගනනක කලු පැහැ මෝටර් රථයෙන්...තවත් විනාඩියකට පසු ඇරුණු දොරෙන් එලියට පැමිණියේ දිස්න ගහන කලු පැහැ සපත්තුවක දර්ශනයක්...ඒ ඔහුයි...

SELENE || JJK || Ongoing Where stories live. Discover now