12

2.1K 331 19
                                    

Taehyung pov

ආයිමත් ඒ ඇස් වල කඳුළු. ඒ මදිවට තොල් දෙකත් වෙව්ලනවා. කම්මුල් රතු වෙලා. හිතෙන්නෙම මුළු මූණම ඉබගෙන ඉබගෙන යන්න. ඒත් හිත කියන හැම දේම කරන්න බෑනෙ.

ජන්ග්කුක් මාව තල්ලු කරලා දාලා දුවලා ගියේ මගේ අතේ තිබුණු එයාගෙ සපත්තුවවත් ගන්නැතුව. පව් කකුල් රිදෙනවා ඇති. මන් එයාලගෙ ඉස්කෝලෙ ළමයෙක්ගෙ අතේ ජන්ග්කුක්ගෙ සපත්තුව යැව්වෙ මට ආයිමත් රෙද්දක් ඇදන් ජන්ග්කුක් ඉස්සරහට යන්න බැරි නිසා මන් කියපු දේවල් වල හැටියට.

එදා අම්මා කිව්වා වගේම මට තේරුන් ගියා මන් ජන්ග්කුක්ට කැමතියි කියලා. ඒකත් මහ ගොඩක්. ඒත් ජන්ග්කුක් මට කැමති වෙයිද. විශේෂයෙන් කොල්ලෙක්ට. ඒකත් එයාගෙ කලින් ගර්ල්ව මගේ ගරල් කරගත්තු කෙනා එක්ක.

ඒ නිසාමයි මගේ හිතේ විතරක් මේ හැඟීම තියා ගන්න හදන්නෙ. මන් පුළුවන් තරම් ජන්ග්කුක්ව මගාරින්නෙ එයා දකින තත්පරයක් ඇති මගේ හිතේ එයා ගැන තියන හැඟීම් කුණාටුවක් වගේ ඇවිස්සිලා යන්න. ඉතින් මන් මේක කරන්නෙ අපි දෙන්නගෙම හොඳට ජන්ග්කුක්.


ප්‍රැක්ටිකල් සෙමිනා එක ඉවර වෙනකන්ම මන් ජන්ග්කුක් ඇහැටවත් දැක්කෙ නෑ. හිත කියන්නෙම දුවලා ගිහින් ජන්ග්කුක්ගෙ මූණ බලලා එන්න කියලා. මොළේ කියන්නෙම අනේ නිකන් පාඩුවේ ඉඳපන් කියලා.

" මොකද උඹ අද නිකන් මූඩ් ගහලා "

සෙමිනා එක ඉවර වෙලා ගෙදර යන වෙලාවෙ ජිමින් ඒක ඇහුවෙ මගේ කරට අත දාන ගමන්.

" මුකුත් නෑ බන්. දවසෙම එහෙටයි මෙහෙටයි ඇවිදලා ඔළුව රිදෙනවා. "

" ඇයි උඹ ජන්ග්කුක්ට අර විදියට සැලකුවෙ. "

" කොයි විදියටද. "

" කොයි විදියටද අහන්නෙ උඹ ඌ තඹේකට ගනන් ගන්නැතුවනෙ හිටියෙ. උගෙ මූන නිකන් අනේ මන්දා අඬන්න ඔන්න මෙන්න වගේ රතූ වෙලා තිබ්බා. "

ඒත් එක්කම අපි දෙන්නා ළඟට දුවන් ආවෙ යුන්ගියි හෝසොක්තුයි. ඒකත් හොඳටම හති දාන්.

" ඒ බන් උඹලා ජන්ග්කුක්ව දැක්කද. මූ නෑනෙ බන් කොහෙවත් හොයා ගන්න. "

𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now