05

2.1K 316 25
                                    

Jungkook pov

මැච් එක දින්න එකේ සතුට මට නිකන් දැනුණෙ අහසෙ පියාඹනව වගේ. පස්සෙ තමා දැක්කෙ අපේ සෙට් එක මාව උස්සගෙන ග්රවුන්ඩ් එක වටේ යනවා කියලා. හම්මෝ කාටද ඉතින් ආඩම්බර කෙල්ලො මගේ නම කිය කිය කෑ ගහද්දි. මන් ඉතින් ඇදන් හිටපු ෂර්ට් එක ගලවලා විසි කරද්දි ගෑනූ ටික පොර කෑවෙ නිකන් සෝමාලියාවට පාන් දැම්මා වගේ. මට දාඩිය වැඩි කමට ගඳ උහුලන්න බැරුව ෂර්ට් එක විසි කරද්දි මුන් ටික ඒක අහුලලා සුවඳත් බලනවා. අනේ මෙහෙත් පිස්සියො ටිකක්.


මාව වඩාගෙන අරන් යද්දි දැක්කෙ ඔළුවත් බිමට බර කරන් යන ටේහ්යුන්. යස වැඩෙ ගල් ඉබ්බට මට අද කරපුවට. මට ඇඩුණත් එක්කයි මු ඉස්සරහා. ඒ මදිවට ග්රවුන්ඩ් එක මැද්දෙ අත අල්ලන් නටපු විකාරෙ. ඒ මදිවට යද්දි ඔළුවටත් ගහලා ගියේ. විලි ලැජ්ජාවේ බෑ.

මැච් එක දින්න එකේ සතුටට අපි කට්ටියම ගියේ ක්ලබ් එකට. ක්ලබ් එකට පය තිව්ව සැනින් යුන්ගි මගේ අතට අනින්න ගත්තෙ නතර කරන්නැතුව.


" මොකද බල්ලො අරහෙන් මෙහෙන් අනින්නෙ. අතපය තියන් ඉන්න බැරිද. "

" අත පය මගුලක් නෙමේ. අර බලපන් අතන ටේහ්යුන්ලයි සෙට් එක ඉන්නවා ඇවිත්. "


යුන්ගි පෙන්නපු දිහා බලද්දි තමය් මාත් දැක්කෙ එයාලත් මෙතන කියලා. ෂිට් මුන්ටත් මෙතනට එන්න ඕන වුණානේ. අපේ සෙට් එකේ කොල්ලො ටික ඩාන්ස් ෆ්ලෝර් එකට යද්දි මායි යුන්ගියි හෝසොකුයි ටේබල් එකකින් වාඩි වුණේ වයින් වීදුරු තුනක් අතට ගන්න ගමන්.


" අඩෝ බලපන්කො අරූගෙ මූණෙ හැටි නිකන් ගෑණි මැරිච්ච මිනිහා වගේ. "

ඒ අපේ හෝසොක්. ඌ කිව්වා වගේම ටේහ්යුන් බොනවා බීමක් අද ලෙසටම. 


" උගෙ මැරිච්ච ගෑණි නෙමේ දැන් උඹ කියපන් අපිට අර තෝ උදේ කොන්ඩෙ හදන් හිටියෙ කෙල්ලෙක් එනවා කියලා. කෝ දැන් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් අපි දැක්කෙ නෑනෙ. "


ඒ අපේ යුන්ගි. මටත් දැන් තමා ඒක මීටර් වුණේ. පොර උදේ මනමාලයා වගේ කැරක් කැරකි ලෑස්ති වුණේ එයාගෙ කෙල්ල එන නිසානෙ.


𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now