09

2.1K 320 8
                                    

Jungkook pov

ටේහ්යුන්ගෙ බයික් එකෙන් බැහැලා මන් යන්න ගියේ මගේ එපාර්ට්මන්ට් එකට. ඒත් ඇහුණෙ පිටිපස්සෙන් ටේහ්යුන් කතා කරන සද්දෙ.

" යා ජියෝන් ජන්ග්කුක් තමුන් යන්නෙ මට තැන්කිව්වත් කියන්නැතුවද ඔය. "

" තැන්කිව් කියන්න. ඒකත් ඔයාට. තමුසෙ නිසානෙ මේ හැම දෙයක්ම. බලනවා මගේ කකුල තාම රිදෙනවා.ඒ මදිවට ඇඟ නිකන් තලා දාලා වගේ. අපිටත් ගුටි කන්න වුණේ තමුසෙ නිසානේ. ෂිට් මටත් යන්න වෙන ක්ලබ් එකක් තිබ්බෙම නෑනෙ ඒකටම ගියා. "

කිව්වා සැර වැඩීද මන්දා මේකා ඔළුවත් බිමට නමන් ඉන්න හැටි. අනේ පව් අහිංසකයා දුක හිතුණද දන්නෑ. මන් ආපහු එපාර්ට්මන්ට් එකට යන්න හදද්දි මෙන්න මේකා එනවා ග්‍රොසරි බෑග් එකකුත් අතේ එල්ලන්.

" ඒ පාර මොකද පස්සෙන් එන්නෙ දැන් ආ. "

" ඔයාගෙ තුවාල වලට බෙහෙත් දාන්න එන්නෙ. "

එහෙම කියන ගමන් උඩට උස්සලා මට පෙන්නුවේ ග්‍රොසරි බෑග් එකේ තිබුණු බෙහෙත් ටික.

" මට බෙහෙත් ඕන නෑ. දැන් යන්න මෙතනින්. "

" දැන් ඔයාමනෙ කිව්වෙ මන් නිසයි හැමදෙයක්ම වුණේ කියලා. ඒ නිසා මට අඩුම තරමේ බෙහෙත්වත් දාන්න දෙන්න. "

මම හූම් කියලා ටේහ්යුන් මගේ පස්සෙන් එද්දි දෙවනි තට්ටුවේ තිබුණු මගේ එපාර්ට්මන්ට් එකට ගියා.

" ෂා වාව්... ඔයා මෙහෙද ඉන්නෙ. මේක පට්ට ලස්සනයිනේ. ඔයා තනියමද ඉන්නෙ මෙහෙ. "

" හ්ම්. "

" අම්මලා කොහෙද එතකොට. "

" අම්මලා නෑ. අක්කා කෙනෙක් විතරයි ඉන්නෙ. එයත් බැඳලා. "

" ඒ කිව්වෙ. "

" ඇයි තමුසෙට ඒකවත් තේරෙන්නැද්ද. අම්මා නෑ කියන්නෙ මැරිලා කියන එක. අක්කා බැඳලා කිව්වෙ එයා ඉන්නෙ එයාගෙ හස්බන්ඩ් එක්ක. මන් මෙහේ තනියම ඉන්නෙ. දැන් හරිනේ. "

අන්තිම ටික කියද්දි ඇස් වලට කඳුළු ආවෙ මන් තනියම නේද මෙච්චර කල් ජීවත් වුණේ කියලා මතක් වෙලා. කදුළු පිරුණු නිසා ඇස් වල මන් බොඳ වෙලා දැක්කෙ මගේ දිහා බය වෙලා බලන් ඉන්න ටේහ්යුන්. ඔව් ඉතින්  මන් මහ හයියෙන් කෑ ගහලා කියද්දි එයා බය වෙන්න ඇති.

𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now