" යා ජියෝන් ජන්ග්කුක් තමුසෙට තාම ඇති වෙලා නැද්ද. තමුසෙ ඔය බෙල්ල ඇද කර කර හොයන්නෙ අර සුසීවද ආ.. "

මේ හෝසොක් කියන්නෙ මගෙ තුන් හිතකවත් තියන දෙයක් නෙවේ.

" පිස්සුද උඹට. මන් මේ වෙන කෙනෙක් බැලුවෙ. "

ඒත් එක්කම මගේ ළඟට හිනා වෙවී තව ගෑණු ළමයි දෙන්නෙක් එක්ක ආවෙ සුසී.

" ඕ කුකී ඔප්පා. කවුද හිතුවෙ අනේ අපි දෙන්නා එකම ග්රූප් එකට වැටෙයි කියලා. "

ඕ ෂිට්. මේ මලවලාමත් මන් ඉන්න එකේමද. මෙයිට වඩා හොඳයි නියගලා අලයක් තම්බන් පොල් එක්ක කෑවනම්.


" අඩෝ උඹලට බල්ලෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවද. අඩෝ මගේ කන් දෙක. "

ඒ අපේ යුන්ගි. පොරටත් ඉතින් සුසී එක්ක ඇන ගන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ.

" යුන්ගි ඔප්පා ඔයා මටද බල්ලා කිව්වෙ. "

" කවුද බන් උඹේ ඔප්පා. උඹේ ඔප්පලා මෙහෙ නෑ. "

සුසී එයාගෙ යාළුවොනුත් එක්ක ගස්සගෙන ගියේ මටත් එක්කමයි. මන් ඒ අතරවාරෙදිත් බැලුවෙ ටේහ්යුන් කොහෙද කියලා.

" මොකද මිනිහෝ ආපු වෙලේ ඉඳන් බඹර චක්කරේ වගේ එහාටයි.මෙහාටයි කැරකෙන්නෙ. කවුද උඹ ඔය හොයන්නෙ කියපන් ඉස්සෙල්ලා. "

යුන්ගිට තාමත් සුසී නිසා කේන්ති ගිහින් තිබුණ නිසාදෝ මන්දා මටත් කතා කරේ කේන්තියෙන්.

" මන් මේ අර ටේහ්යුනුයි ජිමිනුයි කොහෙද කියලා බැලුවෙ. "

ටේහ්යුන්ව විතරක් හොයනවා කියලා යුන්ගිගෙන් ගුටි කන්න තරම් අවධානමක් ගන්න බැරි නිසා මන් අර අසරණ කොට ජීවිතෙත් අපි මැද්දට ඇදලා ගත්තා.


ඒක කියලා කට පියා ගන්න වුන්නෑ එතනට එකපාරටම ආවේ ජිමින්.

" ආ කොල්ලො ටික ආවනේ. කොහොමද ඉතින් අපේ ඉස්කෝලෙ ලස්සනත. "

" අනේ මගේ පු# "

ජිමින්ගෙ මූණ ඇද වෙලා ගියේ යුන්ගිගෙ කතාවට. මේකාට මනුස්සයෙක් එක්ක ටිකක් හොඳට කතා කරන්න බැරි හැටියක් අම්මපා.

𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now