ඒ මනුස්සය පිච්චිලා... සුදු හම කළු වෙලා... හුස්ම ගන්නෙ ගොඩක් දුර්වල විදියට....ඒ මදිවට කකුලක් දණහිසෙන් පහල තිබ්බෙ නෑ... ඇස් තද දම් පාටට ඉදිමිලා වැහිලම ගිහින්..කොන්ඩෙ එක කෙස් ගහක් නෑ...පිච්චුන තුවාල විතරයි..මූන විකෘති වෙලා කට පැත්තකට ගිහින්... වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මාව ගැහෙනවා.... මගේ කකුල් පන නෑ... මං දන්නෙ නෑ මං කොහොම දරාගෙන හිටියා ද කියල... අන්තිමට අපිට කරන්න පුළුවන් උපරිමයක් කරා...එයා බේරෙයි... විකෘති වෙලා ගියපු මූනක්... පිච්චිලා ගියපු අත පය එක්ක, කකුලක් නැතුව,පණ නැති අතක් එක්ක එයා හුස්ම ගනී...

විෂබීජ හරණය කරගෙන ශල්‍යාගාරයෙන් එලියට එද්දී මං දැක්ක සර්ජරි එක කරපු ප්‍රධාන වෛද්‍යවරයා ඒ පවුලෙ අය එක්ක කතා කරනවා....ඒ මූණු බලාපොරොත්තු වලින් තප්පරයක් ඇතුලත පිරිලා යනව මං බලාගෙන හිටියා....ඒ මිනිස්සු ට ඒ කෙනා විකෘති උන එකවත්, කකුලක් නැති උන එකවත් වැඩක් නෑ.... පපුව පණ ගැහෙන එකම ඇති එයාලට....

හිස් බැල්මෙන් ඒ දිහා බලාගෙන හිටපු මං ආයෙත් වැඩ පටන් ගත්තා... සර්ජරි එකකින් පස්සේ ටිකක් විවේක ගන්න ඕන තමයි...ඒ මං විවේක ගන්න කාලය ඇතුලේ මිනිස්සු කී දෙනෙක් වේදනාවෙන් දඟලයි ද?? මට ආත්මාර්ථකාමී වෙන්න බෑ...

" ජන්කුක්! ඔය ඇති දැන්...නර්ස් ලට ඉතුරු ටික බලාගන්න දෙන්න....යමු කන්න..."

ලූකස් මගේ උරහිස් වලින් අල්ලං කියද්දි මං පිටිපස්ස හැරිලා බැලුවා... අපේ පුහුණු කාලය ඉවර වෙලා අපි ස්ථිර වෛද්‍යවරු උනා.... දැන් ලූකස් මාත් එක්ක වැඩ කරන්නේ....එයා දිහා තප්පර කීපයක් බලාගෙන ඉඳලා මං ඉතුරු වැඩ බාරදීලා එයා එක්ක කන්න ආවා... මිනිස්සුන්ට බෙහෙත් කරන්නත් මට ඇඟට පනක් ඕන

" වාහ්!! අද ජන්කුක් ගෙ මමා සුපිරි කෑමක් එවලා නෙ...."

ලූකස් මූන පුරා හිනා වෙලා කිව්වෙ මගේ මමා එවලා තිබුණ කෑම එක දැකලා.... පුච්චපු කළුකුම් මස්... මං ආසම කෑමක්.... ටේහ්‍යාන් එයාට යන්න වෙනවා කියලා දැනගත්තට පස්සේ බලෙන් ම මාව ගෙදර යැව්වා...එයා ගියාට පස්සේ ඉතිං මං ආයෙ ගෙදර ගියා... ඒත් සමහර වෙලාවට මං අපේ ගෙදර යනවා..මට අඬන්න ඕන උනාම.. හුස්ම ගන්න එක ගොඩක් අමාරු දෙයක් කියලා දැනෙන වෙලාවට මං එයාව හොයාගෙන යනවා...එයාව නෙවෙයි එයාගෙ මතක පිරුණු අපේ තැන... උණුහුම නැති වෙලා සීතල රජ කරන තැනට...

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now