68

815 76 0
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

සන්තානේ - දෙහදක් 2

💜️68 කොටස💜️

සාරංග නිවසට එන බව නොදැන අහිංසා උන්නේ ආලින්දයට වෙලා.ලැප්ටොප් එකත් තබාගෙන ඊමේල් පණිවිඩ කීපය ඇය පිරික්සුවේ ඇය අයදුම් කළ පාඨමාලාව සම්බන්ධයෙන් ඇයට ලැබුනු උපදෙස් මාලාවක් කියව ගමන්.සාරංග නිවසට එන බවක්වත් ඇය දන්නෙ නෑ.සාරංග ආලින්දයට එද්දි දැක්කේ පාදත් සෙටිය මතට අරගෙන උකුල මතින් ලැප්ටොප් එක තියාගෙන බලන් ඉන්න අහිංසාව.ඇයත් එක්ක අන්තිමට වූ විරසකය අමතක කළ සාරංගගේ මුවඟට සිනහවක් ආවේ ඇයව දැකීමෙන් ඇති වෙච්ච සතුටට.හිස් මුදුනට ගෙඩියක් මෙන් බැඳ තිබූ කොණ්ඩය නිසා හීනි අත් පටි සහිත බ්ලවුස් එකෙන් නිරාවරණය වුණු පැහැපත් උරපතු මතට සාරංගගේ දෙනෙත් ගියේ නිරායාසයෙන්මයි.ඒ උරපතු මතින් හිස තියාගෙන දෙනෙත් පියාගෙන ඇගේ උණුසුම විඳින්න බොළඳ ආසාවක් හිතට ආවත් සාරංග උන්නේ ඒ හැම හැඟීමක්ම පාලනය කරගෙන.අද මෙහි පැමිණෙන බවවත් එලෙස පැමිණෙන්න හේතුවවත් අහිංසා තාම දන්නෙ නෑ.අද කේශවට දෙදෙනාගේ සම්බන්ධය ගැන පැවසීමට පැමිණෙන බව ඇය දන්නේ නම් මෙතරම් සැහැල්ලුවෙන් ඇය ඉන්නේ නැහැ.

ඇය කෙතරම් ඇගේ වැඩේ ගැන අවධානයෙන් උන්නද කිව්වොත් හිමින් අඩි තිය තිය එන සාරංගව ඇය නොදැක්ක තරම්.අතේ තිබූ රස කැවිලි මල්ල හිමීට පසෙකින් තැබූ සාරංග එක්වරම ඇයට එහා පසින් වාඩි උනේ ඇගේ කරවටා අතක් යවමින්.තිගැස්සී මෙන් හැරී බැලූ අහිංසා පුදුමයෙන් දෑස් දල්වන් බලන් ඉද්දි කට කොණකින් සිනාවක් පෙන්වූ සාරංග ඇගේ කම්මුලක් වැරෙන් සිපගත්තා.

"මොකද බය වෙලා???මාව බලාපොරොත්තු උනේ නෑ නේ?"

තාමත් තක්බීරි වෙලා වගේ ඉන්න අහිංසා එක්වරම පියවි සිහියට ආවෙන් ලැප්ටොප් එකේ පියන බාගෙට වසා පැත්තකින් තැබුවේ ඔහු එය දකින්නට කළින්.ඕස්ට්‍රේලියන් කෝස් එකකට අයදුම් කළ බව පැවසූවත් එයට මෙතරම් උනන්දුවෙන් සිටින බව ඔහු දැනගන්නවාට ඇය කැමති උනේ නෑ.ඇත්තටම ඇයට අවශ්‍ය උනේ කාගෙන්වත් බාධාවක් නැතිව ඒ වැඩ කටයුතු රහසේම කරගන්න.සාරංග දැක්කොත් ඔහු කලබල වෙන බව ඇය හොඳටම දන්නවා.

සන්තානේ - දෙහදක් 2Hikayelerin yaşadığı yer. Şimdi keşfedin