39

663 70 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️39 කොටස💜️

"නංගී...තමුසෙ හොඳින් නේද ආ?"

සයනය මත වැතිරී ඉන්න මුතූගෙන් සාරංග ඇහුවේ ඇගේ හිසත් අතගාලා.ඇය මේ විදියට ලෙඩ වෙද්දී අයියා කෙනෙක් හැටියට සාරංගට ඉවසන්න බෑ.ඇය පිළිතුරු දුන්නේ දෙනෙත් වලිනි.හොඳයි යැයි ඇඟවීමට හිසත් සලාගෙන ඇය ඇඳේ කෙළින් වීමට උත්සාහා දරද්දී අහිංසා ඇයට උදව් කළේ ඇඳ විට්ටමට කොට්ටයක් හේත්තු කරමින්.

"ආයෙත් ඔහොම විඳවන්න තරම් ඒ අතීතයේ එල්ලිලා ඉන්නේ ඇයි මැණික?"

ලේසියෙන් සංවේදී නොවන සාරංග මේ වෙද්දි උන්නේ හොඳටම කැළඹිලා.මුතූට තේරෙන්නේ නෑ සාරංගට දේවල් පැහැදිලි කරන්නේ කොහොමද කියලා.මේ හැමදේකටම වග කියන්න ඕනේ එළියෙ රැඳී ඉන්න පුද්ගලයා බව සාරංග දන්නවා නම් වැඩේ මීට වඩා බරපතල වෙනවා කියලා මුතූට තේරුනා.ඉතින් ඇය නිහඬවම සිටියේ දොර දිහාම දෙනෙත් රන්ඳගෙන.ඇගේ හිත කිව්වෙම තිහස් දොරෙන් එහා පැත්තට වෙලා ඉන්නවා කියලා.ඇගේ හිත ගිනි ගන්න තරමටම ඔහුගේ හිතත් ගිනි ගන්නවා කියලා.ඔහුගේ තුරුලේ සැනසෙන්න ඕන කියලා හිතට දැනෙන හැඟීම ඇය ආයාසයෙන් මැඩගත්තේ ටිරන්‍යාවත් මතකෙට ආව නිසා.ඒත් යටි හිත බලාපොරොත්තු උනේම ඔහුව.ඔහුගේ එකම එක දසුනක්.මුතූගේ දෙනෙත් දිහා තියුණුව බලන් උන්නු සාරංගටත් තිහස්ව මතකෙට ආවා.ඇය සිටින්නේ කිසිවෙකුව හෝ බලාපොරොත්තුවෙන් බව මුතූගේ චංචල දෙනෙත් දැක්කම ඔහුට තේරුනා.

"බලනවා මගෙ දිහා"

ඇගේ නිහඬබව ඉවසන්න බැරිම තැන සාරංග කිව්වේ ඇගේ නිකටින් අල්ලගෙන හරවගෙන.මුතූගේ දෑස් වල තුනී කඳුලු පටලය ඉස්සරහා සාරංග පොඩ්ඩකට සන්සුන් උනා.

"අඬන්නෙ නැතිව මට ඇත්තම කියනවා.අර එළියෙ ඉන්න එකා නිසාද තමුසෙට ඔහොම උනේ?තමුසෙ යාලු වෙලා උන්නේ තිහස් එක්කද?"

මෙච්චර වෙලා ආදරයෙන් කතා කෙරුව සාරංගගේ හඬ වෙනස් උනු විදිය දැකලා අහිංසාටත් පුදුම හිතුනා.මුතූට නිකන් හුස්ම හිර වෙන්න වගේ.සාරංග හැමදේම දැනගත්තොත් මොනා වේවිද?මේ අවුරුදු දෙක පුරාවටම ඇය හෙලපු කඳුලු වලට,විඳපු වේදනා වලට සාරංග පළිනොගෙන නම් ඉන්න එකක් නෑ.මොන දේ සිද්ද උනත් තිහස්ව අසරණ වෙනවා දකින්න මුතූට බෑ.ඒ ඉන්නේ ඇගේ ආදරය.පලමු සහ අන්තිම වතාවට ඇගේ මුලු ආත්මයම අල්ල ගත්ත තරුණයා.

සන්තානේ - දෙහදක් 2Unde poveștirile trăiesc. Descoperă acum