17

931 72 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️17 කොටස💜️

මුතූ රැගත් කාරය තිහස් බලන් ඉන්නැද්දිම ධාවනය වෙද්දී තිහස් උන්නේ මුකුත් කරකියාගන්න බැරිව.

"හරි බබී..යමු"

ටිරන්‍යා කිව්වේ මේකප් එක ඔක්කොම හදා ගත්තට පස්සේ.වැස්සේ කිසිම අඩුවක් නෑ.හුළඟත් ඒ තරමට.හිත කිව්වෙම මුතූව ෆලෝ කරන්න කියලා.

"තමුසෙට පුලුවන්ද වීල් එකක එන්න?"

තිහස් නොහිතුව දෙයක් අහද්දී ටිරන්‍යාගේ දෑස් විශාල උනා.

"අනේ...ඔයාට පිස්සුද අනේ?ක්ලබ් එකට මං වීල් එකේ යන්නෙ කොහොමද?ජෝක්ස් එපා බබී.මාව වීල් එකේ දාලා අනික ඔයා කොහෙ යන්නද?"

"හදිස්සි වැඩක් මතක් උන නිසා කියන්නෙ අයිසේ..."

තිහස්ගෙ ඇස් සැරෙන් සැරේ සයිඩ් මිරර් එක වෙත යොමු උනේ සාරංගගේ කාරය හරවපු දිහා බලාගන්න ඕන නිසා.

"බොරු නොකියා ඉන්න බබී.මාව වීල් එකක එවලා ඔයාට වෙන එකියක් එක්ක යන්න හිතුනා නේද?නෑ...යන්නෙ නෑ.මාත් එක්කම යමු.අද ඔයා මගේ"

ටිරන්‍යා කිව්වේ තිහස්ගෙ අතේ එල්ලිලා.තිහස් ආශ්‍රය කරන කෙල්ලෝ ගැන ටිරන්‍යා දන්නවා.ඒත් ඒ ගැන ඇයට ගාණක් තිබ්බෙ නෑ.මොකද ඇයට උන්නු එකම පිරිමියත් තිහස් නෙමේ.ඒත් ටිරන්‍යා ඔහුගේ අතේම එල්ලිලා ඉන්න එක ගැන තිහස්ට ආවේ කේන්තියක්.කෙල්ලන්ව හොයන් යන්නෙත් ඔහුම තමා.ඒත් සීමාව පන්නලා ඇලෙන්න ගැලෙන්න එද්දි තිහස්ට ඉවසුම් නැතිව යනවා.

"අහකට වෙනවා..රෙද්ද...."

ඔහු බැන වදිද්දී ටිරන්‍යා හිනා වෙලා කෙළින් උනේ තිහස්ගේ කේන්තිය තඹේකට මායිම් කරන්නෙ නැතිව.

"ලේට් වෙනවා කියලා මට බැන බැන උන්නා නේද?යමුකෝ..."

කටහඬ සරාගී කරලා ටිරන්‍යා කියද්දී තිහස් දත්මිටි කෑවේ තරහින්.අන්තිමට තිහස්ට උනේ සාරංගගේ කාර් එක කොහෙට ගියාද කියලවත් හොයාගන්න බැරි උනු එක.ඔහුගෙ මතකෙ තිබ්බේ ඒක ෆියට් පැන්ඩා කාර් එකක් කියන එක විතරයි.මහ වැස්සේ අඩුම තරමේ නම්බර් ප්ලේට් එකවත් බලාගන්න තිහස්ට සිහියක් තිබ්බෙ නෑ.ටිරන්‍යා තවත් ඇවිටිලි කරද්දිම තිහස් කාර් එක ස්ටාට් කළේ කේන්තියෙන්.

සන්තානේ - දෙහදක් 2Où les histoires vivent. Découvrez maintenant