72

641 70 2
                                    

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️72 කොටස💜️

සියලු වැඩ අවසන්ව වෙනදට වඩා හවස් වනතුරු සැලෝන් එකේ රැඳී සිටි අහිංසා උන්නේ පියල් එනතුරුයි.මුතූ තිහස් සමඟ වේලාසන පිටත් උනේ ඔහු සමඟ සුලු වෙලාවක් ගත කරන්න තිබ්බ උවමනාවට.වෙනදාට නම් ඇය සාරංග අසල දැවටෙන්නේ පොඩි එකියක මෙන්.ඔහු ස්ටූඩියෝ එකේ නැත්තම් ඔහුට ඇමතුමක් හෝ ගැනීමට ඇය දෙවරක් හිතන්නේ නෑ.ඒත් හිතුවක්කාරකමට ඇය හොයා නොබලා ගත්ත තීරණය නිසාම සාරංගත් ඇය නිසා හිත ගලක් කරගන්න පටන් අරගෙන.ඇයට වේදනාවක් ගෙන දෙමින් සාරංග ගෙවන නිහඬ පිළිවෙත ඇගේ හදවත මිරිකා දමනවා වගේ හැඟීමක් ගෙන දුන්නා.ඒත් ඒ හැමදේකටම අඩිතාලම දැම්මේ ඇයමයි.මොන දේ උනත් දැන් ඇයට ඉවසන්නම වෙනවා.

ඊටත් වඩා ඇගේ හිත මෙලෙස වද දෙන තව එක හේතුවක් තිබුනා.ඒ තමා දහවල් වරුවේ ආ ඊමේල් පණිවිඩය.ඇගේ අයදුම්පත ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනය විසින් අනුමත කර තිබූ අතර ඊළඟ අධ්‍යයන කණ්ඩායම සඳහා ඇය මාස කීපයකින් පිටත් විය යුතුයි.දැන් ඉතිරිව ඇත්තේ අවශ්‍ය ලියකියවිලි කීපය මතීශගේත් උදව් ඇතිව සපුරා ගැනීම පමණයි.ඊමේල් පණිවිඩය එනතුරුම යනවාමයි කියා සිතේ තිබූ සිතුවිල්ල ඒ වනවිට දියාරු වෙමින් තිබුනා.ඈතට වෙලා හෝ සාරංග ගැන හොයා බලන්න තියෙනවා නම් ඊටත් වඩා දෙයක් නැති බව හිත කිව්වත් මිහිරානිගේ කඳුලු මතක් වෙන වාරයක් ගානේ ඇය හිත දැඩිකරගත්තා.ඉක්මනටම සිය නිවැසියන්ව ඒ ගැන දැනුවත් කළ යුතු බව හිතේ තියාගත් අහිංසා පියල් එනතුරු රැඳී සිටින අතරතුර බලමින් සිටියේ සාරංග සමඟ ගත් ඡායාරූප කීපයක් දිහා.ඔහුගේ මුහුණේ ඇති දඟකාරබවට ඇයට නොදැනීම හිනාවක් නැඟුනා.

"මගෙ පිස්සා"

ඇය මුමුණාගත්තේ ඒ හිනාව පුලුල් වෙද්දී.විනාඩි කීපයක් ඒ ඡායාරූප අතර අතරමංව සිටි අහිංසා වොශ් රූම් එක වෙත ඇදුනේ අවශ්‍යතාවයක් සපුරා ගැනීමේ අරමුණින්.ඒ අතරේ ඇගේ සිතේ වැඩ කළේ හැමදාම පියල්ට කරදර නොකර නිවසට ඒමට ක්‍රමයක් ගැන.හොඳම දේ එකතු කරගත් මුදලින් යතුරු පැදියක් ගැනීම බව වැටහුණු අහිංසා හිතුවේ නිවසට ගිය වහාම ඒ ගැන ගිරිරාජ්ව දැනුවත් කරන්න.මොන දේ සිදු වූවත් රට යනතුරු සැලෝන් එකේ වැඩ සැලකිල්ලෙන් කරන්න ඕනේ.මූණ කට සෝදාගෙන පිරිසිදු වී එළියට පැමිණි අහිංසා එක්වරම නතර වූයේ ආසනයක් මතට හිස දී එහාට මෙහාට වැනෙමින් ඉන්න රුව දැකලා.සුලු මොහොතක් ඔහු දෙස බලන් අහිංසා උන්නේ මඳක් නොසන්සුන්ව.ඒ උවන දැක ගැනීමට හිත පෙරුම් පිරුව තරම දන්නේ ඇය විතරයි.තමාගේ දරදඬු හැසිරීම තේරුම් ගන්න බැරිව කොපමණ කේන්තියෙන් කෑ ගැහුවත් සාරංගත් ඉන්නේ තමා නැතිව පාලුවෙන් බව අහිංසා දන්නවා.ඔහු දෙසම බලන් සිටින අතරතුර සාරංග පැද්දෙන එක නතර කළා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now