25

712 69 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️25 කොටස💜️

"අහිංසා..."

"ම්ම්ම්..."

"පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා.පුලුවන්ද යාලුවෙක් විදියට මට ඒ හෙල්ප් එක කරලා දෙන්න?"

තිහස් නිමුණු හඬින් එහෙම අහද්දි අහිංසා ඇස් දෙකත් පුදුම කරන් ඔහු දිහා බැලුවේ ඒ උදව්ව මොකක්ද කියලා හිතාගන්න බැරිව.

"හරියටම කියනවා..ඒක හෙල්ප් එකක්ද නැත්තම් රික්වෙස්ට් එකක්ද?"

අහිංසා ඇහුවේ තිහස් මොකාට එන්න හදනවද කියලා නොතේරුනු නිසා.

"මුලින්ම රික්වෙස්ට් එකක්.ඔයා කැමැත්ත දුන්නොත් නම් ඒක ලොකු හෙල්ප් එකක්"

"ඒ කියන්නේ දෙකම නේද??හ්ම්ම්..කියන්නකෝ බලන්න.පුලුවන් දෙයක් නම් කරන්නම්"

අහිංසාව නම් ලේසියකට නම්ම ගන්න වෙන්නෙ නෑ කියලා තිහස්ට ඒ වචන වලින්ම තේරුනා.ඒත් එහෙම ලේසියෙන් වැඩේ අත ඇරලා දාන්න තිහස් ලෑස්ති නෑ.

"මගෙ පාට්න(ර්) වෙලා මාත් එක්ක පාටි එකකට යන්න එනවද?"

තිහස් ඇහුවේ අහිංසා හීනෙන්වත් හිතුවෙ නැති දෙයක්.කර කර උන්නු වැඩේත් ඇයට අමතක උනා.

"තිහස්...තමුසෙට අමු කැවිලද ආ??"

ඇගේ පුදුමය ඒ ඇස් වලින්ම පේනවා.අහිංසා ඒක ඇහුව විදියට තිහස්ට හිනා යන්නත් ආවා.මොකද අහිංසාට මේ වෙනකන් කවුරුත් ඒ වගේ රික්වෙස්ට් එකක් කරලා නැති නිසා.

"විහිලු නෙමේ අහිංසා.මේ සීරියස්"

"පිස්සුද ඔයාට?මේ මාව පාට්න(ර්) කරගන්න?අනික ඔයාගේ ඔය ඉන්නවයි කිව්ව කොකු ගොඩෙන් එක්කෙනෙක්ව හම්බුනේම නැද්ද?"

"උන් තමුසෙ වගේ ඩීසන්ට් නෑ..ඒ වගේ තැනකට එක්කන් යන්න පුලුවන් කෙල්ලෙක් එතන නෑ"

තිහස් කියන්නේ බැරෑරුම් හඬින්.ඒ මූණේ තියෙන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා වෙන් කරගන්න බැරි තරම් තිහස්ගේ හැඟීම් හරිම තාත්ත්විකයි.

"ඒ වගේ තැනක් කිව්වේ??"

"ඒක ස්කූල් එකේ අයගෙ රියූනියන් එකක්.හැබැයි කපල්ස් විතරයි.මං ආශ්‍රය කරන හැම කෙල්ලම එකෙක් ගාව නතර වෙන උන් නෙමේ අහිංසා.උන්ව අරන් ගියොත් ලැජ්ජා වෙන්නයි වෙන්නේ"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now