29

587 63 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️29 කොටස💜️

අහිංසා දිහා ඇස් දල්වාගෙන බලන් උන්නේ වෙන කවුරුත් නෙමේ තිහස්.දකින්න හිතන් උන්න විදියටත් වඩා ලස්සනට ඉන්න අහිංසාව දැකලා තිහස්ගේ ඇස් පුදුමයෙන් විශාල උනා.ඒ පෙනුම ඇයට අලුත්.කිසිම අසංවරකමක් නැති, තැනට ගැලපෙන්න චාම් මේකප් එකක් දාන් ඉන්න අහිංසාගෙන් තිහස්ට නිමේශයකට මැවිලා පෙනුනේ මුතූව.ඒ දිගු කොණ්ඩය හරියටම ඇගේ වාගේමයි.

"ඇ..ඇයි ඔහොම බලන්නේ?"

තිහස්ගේ බැල්ම ඉස්සරහා අහිංසාගේ හිත ගැහුනේ පොඩි බයක් හිතට ආව නිසා.ඒ නැතත් යුවතියන් එක්ක තිහස් හැසිරෙන විදිය දන්න නිසාම ඇයට චකිතයක් දැනුනේ ඔහු නරක අදහසකින් බලනවදෝ කියලා හැඟීමක් දැනෙද්දි.ඒ නිසාමයි ඇය එහෙම ඇහුවේ.

"අහ්..නෑ.මට කෙනෙක්ව මතක් උනා.මං හිතුවට වඩා ලස්සනට ඉන්නවා.මොනා නැතත් තමුසෙට හොඳ චොයිස් එකක් තියෙනවා.අනේ මන්දා.වෙනදට වඩා වෙනස් උනාට කිසිම අසංවරකමක් ඒ ඇඳුමේ නෑ"

තිහස් කිව්වේ ඔහුට දැනුනු අවංක හැඟීම.ලැජ්ජාවෙන් මූණ රතු කරගත්ත අහිංසා දෑඟිලි එකට පටලව ගත්තේ හිතේ චකිතය නැති කරගන්න.

"තෑන්ක්ස්.ඒත් මට මෙහෙම ඇඳලා පුරුදු නෑ.මොකක්ද මොකක්ද වගේ.ඔයා කිව්ව නිසා ඇන්ඳා මිසක් ගෙදරින් දැක්කා නම් ඉවරයි"

"තමුසෙ මං නිසාමද මෙහෙම ඇන්ඳේ?"

"නැත්තම් ඉතින්..ඔයා විශේෂ කරලා කිව්වේ නැත්තම් නෝමල් ෆ්‍රොක් එකක් ඇඳන් යන්නේ.අනික..මගෙත් දිව දෙකේ වචන නෑ හොඳද? මං යාලුවෙක් විදියට පිළිගත්ත කෙනෙක් වෙනුවෙන් මේ වගේ දෙයක්වත් කරන්න බැරි නම් වැඩක් නෑනේ කියලා පස්සේ හිතුනා"

අහිංසා කියද්දි තිහස්ගෙ හිතට දැනුණේ පොඩි තිගැස්මක්.ඔහු ඇයට මිතුරුකම් පෑවේ බොරුවට.ඒත් ඇය ඒක ඇත්ත කියලා හිතාගෙන කතා කරන විදියට තිහස්ගේ හිතේ කොණක පොඩි පසුතැවීමක් ගොඩනැඟිලා තිබ්බා.ඒත් ඒ හැඟීමට වැඩිදුර යන්න නොදී තිහස් පියවි සිහියට ආවේ ඇඳුම් මාරු කරගන්න ඕන නේද කියලා මතක් වෙලා.

සන්තානේ - දෙහදක් 2Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ