𝐋𝐀𝐒𝐓 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑

Start from the beginning
                                    

ඔ..ඔව් සර්...

මිස්ටර් කිම්...බලන්න ඔයාගේ හස්බන්ඩ් කොච්චර නම් අහිංසකද කියලා?

TSK!!

ප්‍රින්සිපල් එහෙම කියද්දි සෝල්ටයි මින්ටයි බකස් ගාලා හිනාවක් පැන්නා...මොකද කාටත් වැඩිය හොදින් පපාගේ අහිංසක කම ගැන එයාලා දන්නවා...ටේහ්‍යුන් ඔරවලා බැලුවම ඒ දෙන්නම හිනාව නවත්තලා බිම බලාගත්තා...

ඔයාගේ හස්බන්ඩ් බැලූ බැල්මට කොච්චර නම් අහිංසකද? තැම්පත්ද? ඒ අතින් මං ඔයාලට කිසි වැරැද්දක් කියන්නෙ නැ...

ම්..මේ දෙන්නා අද මොනාද කරලා තියෙන්නෙ සර්?

ජන්කුක් අහද්දි ප්‍රින්සිපල් කල්පනා කරේ කොතනින්ද පටන් ගන්නෙ කියලා...ඔක්කොටම වැඩිය හපන් මින්...මින් කියන්නෙ නසරානි ජන්කුක් ගේ ෆුල් කාබන් කොපිය...ජන්කුක් වගේම මින් කියන්නෙත් කඩාකප්පල්කාරි නොසන්ඩාල වැඩ කරන දග කොල්ලෙක්...එයාගේ පපා වගේම....

ඉස්සෙල්ලාම කිම් මින්‍යූන්...මේ ලගදි එයා පන්තියේ ලමේක්ට පොල් කිරියි , තක්කාලියි , කැරපොත්තොයි දාලා බ්ලෙන්ඩර් කරපු ජූස් එකක් බලෙන් පොවන්න හදලා..ඒක බිව්වා නම් එහෙම ඒ ළමයා අනිවාරෙන් මැරෙනෙවා...

ප්‍රින්සිපල් කියද්දි ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවම ජන්කුක් අහිංසකයි වගේ බිම බලාගත්තා...ටේහ්‍යුන් හොදටම දන්නවා ඔය වගේ වැඩ කියලා දෙන්නෙ ජන්කුක් කියලා...ජන්කුක් තොල් උල් කරන් ටේහ්‍යුන් දිහා හොරෙන් බැලුවා...

හොද වෙලාවට එහෙම උනෙ නැ...ඒක අපි පැත්තකින් තියමුකෝ...මේ ඊයේ මින් මැත්ස් ටීචර්ගේ කලිසම අස්සට ගැඩවිලෝ රොත්තක් ගෙනත් දාලා!! මැත්ස් ටීච ග්‍රවුන්ඩ් එක වටේ දිව්වා දිවිල්ලක්...කලිසම් කැලේ...!!

සෝල්ටයි මින්ටයි හිනායන්න ආවත් ඒක අමාරුවෙන් නවත්තගත්තේ ටේහ්‍යුන් ගේ මූන දැකලා...පපාට බය නැති උනත් ඒ දෙන්නා අප්පට නම් පණ බයයි...ප්‍රින්සිපල් කියන ඒවය ජන්කුක් ට උනත් හිනායන්න ආවත් ටේහ්‍යුන් ඔරවලා බැලුවම ජන්කුක් බිම බලාගත්තා...

කඩියි , නයි කූඹියි , තෙල් කූඹියි , ගෝනුස්සොයි සම්බන්ධ නසරානි වැඩවලට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නෙ ජන්කුක් කියන්න ටේහ්‍යුන් දන්නවා...ටේහ්‍යුන් හොද හුස්මක් ගත්තා....

🎉 You've finished reading 𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽] 🎉
𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now