𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28

3K 556 331
                                    

යුනා වේගෙන් කාමරේට ආවා...එයා දැක්ක දේ විශ්වාස කරන්න අමාරුයි...කාමරේ දොර වහපු යූනා ඉක්මනින් ඇවිත් සෝෆා එකෙන් ඉදගෙන වතුර වීදුරුවක් බීලා දැම්මා...යූනගේ ඇස් වලට මැවුනෙම තේහ්‍යුන් ජන්කුක් එකට ඉන්න එක...එයා දැකපු දේ...තේහ්‍යුන් ජන්කුක් එකට හිටපු එක...යූනට තාම නිකන් හීනයක් වගේ...

ට්..ටේයි...ජන්කුක්...එ-එයාලා...ආදරේ කරනවද...?!

යූනා ඇස් තද කරන් කල්පනා කරා...ඒත් ජන්කුක් ගැන යූනට කිසි තරහක් එන්නෙ නැ...තේහ්‍යුන් ගැනවත් නැ...හිතට දැනෙන්නෙ මොකද්ද කියන්න යූනවත් හරියට දන්නෙ නැ...යූනා කල්පනා කරා...ජින්ගෙයි ජූන්ගෙයි සම්බන්ධේ දැනගත්ත දවසේ යූනා හැසිරුනේ යක්ශනියෙක් වගේ...ඒත් අද...යූනා තැන්පත්...

ජන්කුක් ආවත් හරි එයාගේ පවුල සතුටින් පිරෙන්න ගත්ත විදිය යූනට අමතක නැ...කිම් සතුටින් හිනාවුනේ ජන්කුක් හින්දා...කිම් දැන් ඇවිදින්නෙත් ජන්කුක් නිසා...ජූන් ජින් දෙන්නත් දැන් පවුලේ අයත් එක්ක ඉන්නෙ කිම්ගේ හයියට ජන්කුක් හිටපු නිසා...

ජන්කුක් ආවත් හරි එයාලගේ පවුල සතුටින් පිරුනා...පාලුවට තිබ්බ මැන්ශන් එක හිනාවල් වලින් පිරුනා...කෑම මේසේ හැදි ගැරැප්පු සද්දෙ වෙනුවට කතා කරන ඒවයි සද්ද හිනාවල් වලිනුයි පිරුනා...පිටතින් නොපෙන්නුවත්...යූනත් ජන්කුක් ගේ දග වැඩ වලට කාටත් රහසින් හිනා උනා...

එයාගේ පවුල ටිකෙන් ටික සතුටින් පිරෙද්දි යූනත් සතුටු උනා...ඒ වගේම ජන්කුක් කිම් මැන්ශන් එකේ නැතිඋන එක දවසට ජන්කුක් නැතුව එයාලට කොච්චර පාලුයිද කියන්න යූනා දැනගත්තා...ජන්කුක් නැතුව මැන්ශන් එක සොහොනක් වගේ...ජන්කුක් නැතුව එච්චරටම පාලුයි...

ජන්කුක් ගැන යූනට තරහක් ඇති නොවුනේ යූනත් හදවතින්ම ජන්කුක් ට ආදරෙ නිසා...එයත් පවුලෙම කෙනෙක්...ඒත් මෙහෙම දෙයක්...යූනා බලාපොරොත්තු උනේ නැ...ඒත් යූනට කේන්තියක් දැනුනෙත් නැ...තේහ්‍යුන් ජන්කුක් ට ආදරේ කරන එකට යූනා සතුටු වෙනවද....?

.

.

.

.

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now