𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 51

Start from the beginning
                                    

යූනා දිහා බලන් හිටපු ඔහු සමච්චල් හිනාවක් දාලා උගුර පෑදුවා...

ඔයාගේ පුතා ඕනවට වැඩියෙන් නටනවා නේද? මං කිව්ව දේවල් මිසිස් කිම්ට අමතක වෙලාද?

අනේ නෑ...මං ලේසියෙන් දෙයක් අමතක කරන කෙනෙක් නෙමේ...

එහෙනම් පුතාට ඕන විදියට නටන්න දීලා බලන් ඉන්නෙ ඇයි?

මට ඕනෙ නිසා...මගේ පුතා එයාට ඕන දේ කරයි...ඒක එයාගේ සතුට නම් මං ඒකට විරුද්ධ වෙන්නෙ නැ...අනික මගෙ පුතා කොහොම කෙනෙක්ට ආදරේ කරත් මට ඒකෙන් ප්‍රශ්නයක් නැ...

කවද්ද මිසිස් කිම් බ්‍රේන් වොශ් උනේ?

මගේ පවුලේ සතුට ඇරෙන්න වෙන කිසි දෙයක් මට වටින්නෙ නෑ කියලා තේරුන දවසේ ඉදන්...

ආ...ඒකත් එහෙමද? එහෙනම් මිසිස් කිම් බලන් ඉන්න ඔයාටයි ඔයාගේ මහලොකු පුතාටයි ඉස්සරහට වෙන දේ....

🐯: ඇයි මොකද්ද ඉස්සරහට වෙන්නෙ...?

පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඩට ඔහු ඉක්මනින් පිටිපස්ස හැරිලා බැලුවේ යූනා නෝන්ඩියට හිනාවෙද්දි...ඔහු එයාට පිටිපස්සෙන් හිටගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බැලුවේ ඇස් ලොකු කරන්...ටේහ්‍යුන් පිටිපස්සෙන් අත් බැදන් කේන්තියෙන් බලන් හිටියේ නම්ජූන් යුන්ගි හෝසොක්...

🐯: මොකද්ද වෙන්නෙ මටයි ඔම්මටයි? ම්ම්?

🐰: ඔව්...අපිත් දැනගන්න කැමතියි...

ඒ පාර එයාට ඉස්සරහින් ඇහුන ජන්කුක් ගේ කටහඩට ඒ කෙනා ඉස්සරහට හැරුනා...ඒ කෙනාගේ ඇස් ලොකු උනා...යූනට පිටිපස්සෙන් ජන්කුක් , ජෙනී , ජිමින් , ජින් හිටගෙන හිටියා...නිකන් නෙමේ...non-stick pans අතේ තියන්...මෙච්චර වෙලා එයාලා හැංගිලා හිටියේ කැබින් එකේ රෙස්ට් රූම් එකේ...

ඔ..ඔයාලා කොහොමද මෙතනට අ..ආවේ?

🐣: ඒකෙන් වැඩක් නැනේ මිනිහෝ!! කියපන් අපේ ටේට මොකද වෙන්නෙ කියලා ආ??

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now