𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 24

1.3K 240 104
                                    

"බේබි.."

සේහි ජන්කුක්ට කතා කළත් hand free ගහගෙන සින්දු අහ අහ හිටපු ජන්කුක්ට සේහි කතා කරනවා ඇහුණෙ නෑ..

"කුකී!"

සේහි ආයෙත් පාරක් කතා කරලා ජන්කුක්ගෙ ප්‍රතිචාරයක් නැති නිසා hand free එක ඇද්දා..

"ආ මමා!"

"මමා තමයි..මම කීපාරක් කතා කළාද?"

"ආර්හ් sorry..."

ජන්කුක් සේහිගෙ ඇඟේ එල්ලිලා සේහිගෙ කම්මුලක් කිස් කළා..

"ඇති ඇති බේබි.. ඔයා දැන් බරයි.."

සේහි එයාගෙ කරේ එල්ලිලා ඉන්න ජන්කුක්ගෙ අතට තට්ටුවක් දැම්මෙ හිනා වෙලා..ජන්කුක් තොල් උල් කරලා මූණ අකුළගත්තම සේහි ජන්කුක්ගෙ නහය මිරිකුවා.

"බේබි මගේ ඔලුව ටිකක් කැක්කුමයි..supermarket එකෙන් බඩු වගයක් ගන්නත් ඕනි.. ඔයාට බැරිද ගිහින් අරන් එන්න"

"මමා..ඔලුව රිදෙනවනම් මට කලින් කිව්වෙ නැත්තෙ ඇයි!!"

"ආර්හ් බේබි මේක මේ පොඩි ඔලුව කැක්කුමක්.. ටිකක් නිදාගත්තම හරි යයි"

"හ්ම්ම්.. එහෙනම් ගිහින් නිදාගන්න.. කෝ යන්න.."

ජන්කුක් සේහිගෙ පිටට අත් දෙක තියලා සේහිව ඉස්සරහට තල්ලු කරගෙන රූම් එකට ගියා..ජන්කුක් සේහිව ඇඳෙන් ඉන්ඳලා එයත් ඇඳට නැඟලා සේහිගෙ පිටිපස්සෙන් දණගහගෙන සේහිගෙ ඔලුව මසාජ් කරන්න ගත්තා..

"බේබි අර මේසෙ උඩ ඇති බඩු list එක..මතක ඇතුව ඒක අරගෙන යන්න"

"හ්ම්ම්"

"දැන් ඉක්මනට ලෑස්ති වෙන්න..ටේහ්‍යොන්ග් බලාගෙන ඇති ඔයා එනකල්"

සේහි එහෙම කියනවත් එක්කම ජන්කුක්ගෙ ඇස් උඩ ගියා..

"මමා..එ-එයා ඇයි?"

"මන් එයාට කිව්වා ඔයාව එක්කන් යන්න කියලා"

"ඒත් මමා.."

"ඇයි ටේහ්‍යොන්ග් එක්ක යන්න බැරිද?"

සේහි පිටිපස්ස හැරිලා ජන්කුක් දිහා බලලා නළල රැලි කරගෙන ඇහුවම ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවා..

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now