𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 22

1.2K 244 107
                                    

Flight එකෙන් බැහැපු ජන්කුක් හොඳ හුස්මක් ගත්තා..අවුරුදු හතරකට පස්සෙ එයා ආපහු කොරියාවේ..ජන්කුක් යුන්ගිත් එක්ක ඉස්සරහට ඇවිදගෙන ගියෙ නොයිවසිල්ලෙන්..

එයාලා එනකල් බලාගෙන ඉන්න එයාලගෙ ආදරණීයන් දැක්කම ජන්කුක් යුන්ගි දෙන්නගෙම ඇස්වලට කදුළු පිරුණා..හැමෝම ඒ දෙන්නා දිහා පුදුම වෙලා බලාගෙන හිටියා..අවුරුදු හතරකට කලින් මෙහෙන් ගියපු පොඩි කොල්ලො දෙන්නා නෙවෙයි දැන් ඉන්නෙ..

"ජියෝන්.. අපේ කුකී.. දෙයියනේ අපේ කුකී ගොඩක් ලොකු වෙලා"

සේහිගෙ ඇස්වලින් කදුළු ගලන්න ගත්‍තා..ජන්කුක්ව එයාලා video calls වලින් photos වලින් දැක්කත් මෙහෙම ළඟට දකිද්දි පුංචි ජන්කුක් කොච්චර ලොකු වෙලාද කියලා එයාලට දැනුණා..

ජන්කුක්ව එයාලා video calls වලින් photos වලින් දැක්කත් මෙහෙම ළඟට දකිද්දි පුංචි ජන්කුක් කොච්චර ලොකු වෙලාද කියලා එයාලට දැනුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්කුක් වේගෙන් ඇවිදගෙන ඇවිත් ජියෝන්වයි සේහිවයි දෙන්නවම තද කරලා බදාගත්තා..

"මමා... ඩැඩා.."

සතුට වැඩිකමට ජන්කුක් අඬන ගමන්ම කාලෙකින් විඳින්න ලැබුණ එයාගෙ මමාගෙයි ඩැඩාගෙයි උණුහුමට පුළුවන් තරම් තුරුල් වුණා..

"I miss you.... I miss you so much"

සේහි ජන්කුක්ගෙ මූණ ඉඹගෙන ඉඹගෙන ගියා..

"Mamaa.. Don't cry.. දැන් මම ඔයාලා ළඟ ඉන්නවනේ..."

ජන්කුක් සේහිගෙ කදුළු පිහිදාන ගමන් කිව්වා..

"come on mamaa.. ඉස්සර මම අඬද්දි ඔයයි මාව නලවන්නෙ.. දැන් මට මමාව නලවන්න වෙලාද?"

ජන්කුක් තොල් උල් කරලා ඇහුවම සේහි හිනාවෙලා ජන්කුක්ගෙ අත අල්ලගත්තා..

"බලන්න ජියෝන්.. අපේ බේබි දැන් මටත් වඩා උසයි"

සේහි කියද්දි ජියෝන් ආදරෙන් ජන්කුක් දිහා බලන් හිටියා..ජන්කුක් වෙනස් වෙලා..තවත් ලස්සන වෙලා..දැන් ඉන්නෙ handsome boy කෙනෙක්..ඒත් තාමත් ඒ හුරතල් මූණ, බෝල ඇස් ඒ විදියමයි...

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now