𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 11

1K 221 60
                                    

ජන්කුක්ගෙ college එකේ pavilion එක සෙනඟෙන් පිරිලා තිබුණා.හැමෝම හිටියෙ තව ටිකකින් තියන match එක බලන්න ඇවිත්...ඒ සෙනඟ අතරෙ ටේහ්‍යොන්ග්නුත් හිටියා.. ඒ ජන්කුක් වෙනුවෙන්!

තාම ground එකට players ලා ඇවිත් හිටියෙ නැති නිසා ටේහ්‍යොන්ග් එයාගෙ phone එක අතට ගත්තා...

"woah අර ඉන්නෙ අපේ cute ජන්කුකීමද?"

එයාට එහාපැත්තෙ හිටපු ජන්කුක්ගෙ වයසෙ කියලා කියන්න පුළුවන් පොඩි කෙල්ලො ටික ජන්කුක්ගෙ නම කියනවා ඇහුණම ටේහ්‍යොන්ග් phone screen එකෙන් ඇස් අරන් ground එක දිහා බැලුවා.

"ජන්කුකී අද මාර hot!"

කෙල්ලො කෑ ගහන්න ගනිද්දි ටේහ්‍යොන්ගෙ ඇස් ජන්කුක්ව හොයන්න ගත්‍තා.අන්තිමේදි ටේහ්‍යොන්ගෙ ඇස් එයාට ඕනි රූපෙ හොයාගත්තා.ඔව්.. කලින් අර පොඩි කෙල්ලො ටික කිව්වා වගේම cute ජන්කුකී අද ගොඩක් hot... soccer team එකේ kit එක ඇදලා කොණ්ඩෙ උඩට වෙන්න bandana එකකුත් දාලා හිටපු ජන්කුක්ට hot look ඇවිත් තිබුණා...ටේහ්‍යොන්ග් ජන්කුක් දිහාම බලන් ඉද්දි එයා දැක්කා ජන්කුක් කාවහරි හොයනවා කියලා.

ජන්කුක්ගෙ ඇස් pavilion එක පුරාම ගිහින් අන්තිමේදි ටේහ්‍යොන්ග්ව හොයාගත්තම සතුටින් හිනාවුණා.ටේහ්‍යොන්ග්ව දැකපු සතුටට ජන්කුක් උඩ පැන පැන ටේහ්‍යොන්ග්ට අත වැනුවම ටේහ්‍යොන්ග්නුත් එයාගෙ අත වැනුවා.

"දෙයියනේ අර යුන්ගි.... එයත් අද මාර hot"

"වැඩක් නෑනෙ..යුන්ගි කැමති ජිමින්ට ඒ නිසා අපි try කළාට වැඩක් නෑ"

"ඒත් ජන්කුක්ට තාම crush එකක් නෑ ඒ නිසා අපිට පුළුවන් එයාට try කරන්න"

කෙල්ලො ටික කියවන්න ගනිද්දි ඒවා ටේහ්‍යොන්ග්ටත් ඇහුණා.කෙල්ලො ටිකගෙ කටේ තිබ්බෙම ජන්කුක් යුන්ගි කියන නම් දෙක විතරයි...

ටේහ්‍යොන්ග් ඉඳගෙන ඉන්න ගමන්ම ඔලුව හරවලා එතන ඉන්න පොඩි කෙල්ලො ටික දිහා බැලුවා.පිස්සු හැදිලා වගේ දඟලන පොඩි කෙල්ලො ටික දැක්කම ටේහ්‍යොන්ග් ඇස් රෝල් කළා.

"fuck.. මේ මෝඩ කෙල්ලො ටිකටනම් ජන්කුක් කොහොමත් කැමති වෙන එකක් නෑ"

ටේහ්‍යොන්ග් තමන්ටම මුමුණගෙන හිනාවෙලා ආයෙත් ground එක දිහා බැලුවා.

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now