𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 43

Start from the beginning
                                    

මං ඉතින් ආදරෙයිනේ බේබිට...

අනේ යනවා තමුසේ...!!

හරි අපි මේක කතා කරලා විසදගමු...

මොනා කතා කරන්නද?

ටේහ්‍යුන් ජන්කුක් ව ඈත් කරලා අත දික් කරා...අත දිහා බලපු ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ත බැල්මකින්...

No more pranks...Deal?

හුම් ඕකේ...නෝ මෝ ප්‍රෑන්ක්ස්...

අපි ආදරෙන් ඉමු...

හරි ආදරෙන් ඉමු...

ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා හෑන්ඩ්ශේක් කරෙත් දෙන්නා දිහා සැකෙන් බලන්...මේ දෙන්නා කොහොමද සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ...ඒක ගැන හිතන එකත් වැඩකට නැති දෙයක්...හෑන්ඩ්ශේක් කරපු දෙන්නා ආයෙත් තුරුල් උනේ හිනාවෙන ගමන්...

මේ කුකී...

ම්ම්ම්...

හෙට මාත් එක්ක ඔෆිස් එකට යන්...

ඒ ඇයි?

ඔයාව ගෙදර තනියෙන් දාලා යන්න බෑ වගේ...

ඒත් ටේ...මිස් යූනා---

ඔහ් ඔම්මා ගැන හිතන්නෙ ඇයි ඔයා? ඒක මගේ කම්පනි එක...

ඒත්---

හෙට උදේ මාත් එක්කම ලෑස්ති වෙන්න හාද?

ටේහ්‍යුන් ආදරෙන් කියද්දි ජන්කුක් ටේහ්‍යුන් ගේ පපුවට හේත්තු වෙලාම ඔලුව වැනුවා...ජන්කුක් බය උනා ටේහ්‍යුන් එක්ක ඔෆිස් එකට යන්න...යූනා මේ දේවල් දැනගත්තොත් මේ තත්වේ මොන වීදියකට හැරෙයිද කියලා ජන්කුක් බය උනා...ඒත් ටේහ්‍යුන් ගේ ආදරනීය ඉල්ලීම අහක දාන්නත් ජන්කුක් ට බෑ....

.

.

.

.

ආහ්හ්හ්...තව විනාඩියෙන් ආවෙ නැත්තන් මං යනවා!!!

ජන්කුක්!!! තමුසෙට ඇහෙනෙවද!!!

නිවේදන අංක 22349...තව විනාඩියකින් වාර්තා කරේ නැත්තන් මං යනවා...තමුසේ ගෙදරම ඉන්නවාආආආආආ!!!

අදත් උදේම ටේහ්‍යුන් එලියට වෙලා කා එක ඉස්සරහ හිටගෙන වෙලාව බල බල හිටියේ රූප සුන්දරම් ලෑස්ති වෙලා එනකම්...ටේහ්‍යුන් එලියේ ඉදන් කැගහද්දි ඉක්මනින් ලෑස්ති උන ජන්කුක් බෑග් එකත් එල්ලන් එලියට දුවන් ආවා...දොර වහන්න අමතක උන ජන්කුක් ආයෙ දොර ගාවට දිව්වේ ටේහ්‍යුන් දුවද්දි...දොර වහලා ජන්කුක් ටේහ්‍යුන් ගාවට දුවන් ආවා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now