"කුප්පියා උඹ රෙස්ට් කරපන් ටිකක් ගිහින් නැත්තම් කූල් වෙලා වරෙන්. මම මෙතන රන් කරන්නම්." ඒ අවසරෙන් මම ඔහෙ පා වෙන්න ගියා. මාව තේරුම් ගත්ත ඌන් මගෙ වටේට ඉන්නවා. එකෙක් වේවා දෙන්නෙක් වේවා මට ඒක වටිනවා.

"උඹට ඔච්චර අවුල් ගන්න දෙයක් වෙලා නැතුව ඇති. ඌ හොදින් ඇති... මොකක් හරි ලඩයක් ගැන කියවන්න වෙන්නත් පුලුවන් කතා කරේ."

"උඹ කියන්නෙ කවුරු ගැනද?"
"අර ලෝ ඇටයා ගැන."මම යන ගමන් ඉද්දී මගෙ අතේ වතුර බෝතලයක් තියලා ටකා දුවලා ආයෙ වැඩට ගියා. අද මෙහෙම අප්සට් එකෙ ඉන්න පුලුවන් දවසක් නෙවේ. එත් මට වෙන පිලියමක් නෑ...

තේරුමක් නෑ. මූඩ් ගහලා ඉදලා දැන් වැරැද්ද කරලා ඉවරනෙ. එත් කොල්ලා හොදින් ඇති නේද?

"කුප්පියො... පොඩ්ඩක් මෙහෙ බලපන්." දැන් රෑ 12යි. අපි හිටියෙ නාවින්න ආර්පිකෝ එක ඉස්සරහා. වටේටම පොලිසියෙ බුවාලා ඒ විතරක් නම් මදැ ෆෝසස් කොල්ලො, නෙවි ඌන්. මූන් ඔක්කොම ගන් පිටින් හිටියෙ. යකෝ මූන් මේ මිනිස්සු බය කරනවද නැත්තම් මොකක්ද මේ. නැත්තම් මොකෙක් හරි ලොකු ලොක්කෙක් එනවද? මම දන්න එකම දේ අද අපිට කරන්න ආව දේ කර ගන්න බැරි වෙනවා කියන එක නම් බුදු ශුවර්.

"මොකක්ද බං දැන් කරන්නෙ"
"මූන් මෙතනට මෙච්චර සිකුරිටි එකක් දීලා නම් අනිවා මීට පස්සෙ තියන ප්ලේස් ඔහොම්ම තමා ටොපා. මුලින්ම අපි බලන්න ඕනේ ඇයි මෙච්චර මෙහෙම වුනේ කියලා. "

"කුප්පියා මොකද කියන්නෙ යමුද ඉස්සරහටද නැත්තම් මොකද කරන්නෙ."
"දැන් ඉස්සරහට ගියොත් ඇපත් නැතුව කූඩුවේ ලගින්න වෙනවා."
"ඔව් හැබැයි."
"අරුන්ට කෝල් කරලා අදට ගෙවල් වලට යමු බං මගෙ ඔලුවත් රිදෙනවා." මම වෙනදා නැති පීඩනේකින් අද ඉන්නෙ. මම මේ ටිකේම කල්පනා කරේ ඇයි ඇබා මට අරම එන්න කියලා කතා කරේ කියලා.

"යමන්. හැමතැනම මෙහෙමලු. සක්විති අයියා කිව්වෙත් උඹ කිව්ව එක." එහෙන් මෙහෙන් ගහලා අපි එද්දි හොදටම රෑ.  ටොපා මාව ගේ ගාවින් දාලා ඌ හොස්ටල් එකට ගියා. ඒ වෙනකනුත් අපි කිසිම කතාවක් තිබ්බේ නෑ.

"පරිස්සමින් ඉදපම්... මගුල් කල්පනා නොකර" ටොපා යන මොහොතේදිත් කිව්වේ එච්චරයි.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now