"හරි හරි මම ගිහින් කතා කරන්නම්" මම එහෙම කියලා සක්විති අයියලට කියලා ඇබා හොයන්න එලි බැස්සා.

"මොන මගුලක් අස්සෙ ගිහින්ද මන්දා... ටිකක් ඉන්න කිව්වාම." බැන බැනම මම වටේම ගියා. එකම එක හෙවණැල්ලක් මම ඇබාගෙ දැක්කෙ නෑ.

"කෝ මෙයා..." ඇවිදලා ඇවිදලා මට හොදටම මහන්සි. මට ඇවිදගන්න පණ නෑ. දැන් හවස 6ට විතර ඇති. කළුවර වෙන්න පටන් අරන්. මම අන්තිමේට ගියෙ එයාට සුපුරුදු ග්‍රවුන්ඩ් එකට. එතන එයා ඇබෙත් ගහගෙන ඇස් පියාගෙන ඉන්න විදිය මට මැවිලා පෙන්න ගත්තා. එත් රියලිටියෙ එයා නෑ....

දුවලා දුවලා හති වැටුන මම ඉද ගත්තා ග්‍රවුන්ඩ් එක උඩ පඩියෙ. එයා ඉන්න තැන.

🤐"ඇත්තටම ඇයි මම ඒ මගෙන්ම දිව්වේ..."
👿 ඔයා දිව්වේ නෑ ඌ ඔයාව කලින් ගනන් ගත්තේ නැති නිසා තමයි ඔයා එහෙම කරෙ
🧚 මම දන්නෙ නෑ ආෂු... මට හිතෙන දේට මම බයයි.

🤐 මමත් බයයි... මම දැනෙන මේ හැගීමටම ආස නෑ. එත් දෙව් මට කතා කරේ මොකටද කියන දේ වත් අහගන්න තිබ්බා කියන පසුතැවිල්ල මට තියෙනවා.

මම අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා. මෙතන වෙන මට කරන්න දෙයක් නෑ. එයාව මම වෙන කොහෙන් හොයන්නද? එයා මගෙ හැමදේම දන්නවා වුනාට මම එයාගෙ මුකුත්ම දන්නෙ නෑ. ෆෝන් නම්බර් එක ඇරෙන්න එත් ෆෝන් එකත් ඕෆ්...

රෑ වරුවක් වෙනකල්ම මම එතන ඉදගෙන හිටියා. මම දැනන් හිටියා වැඩක් වෙන්නෙ නෑ කියලා. එත් හිතට පොඩි හේතුවක් තිබ්බා එයා එකම එක පාරක් එයි කියලා. එකම එක පාරක් ඇති... එත් නැතිම තැන මම මගෙ වැඩ කරන්න එලියට බැස්සා.

"කුප්පියා පොඩ්ඩක් සිහියෙන් වැඩක් කරපන්කො බං. බලපන් මේ බෝඩ් එකෙ අකුරු කෙලින් කරාම අම්මටසිරි වෙනවනෙ." ටොෆියා බෝඩ් එක උස්සද්දි දැක්කෙ අකුරු යටිකුරු වෙලා
"මොන උට්ටක් වෙලාද මන්දා. කැ&යා නිකන් ගෑණි මැරිච්ච එකා වගෙ"
"ඕකාට කියලා වැඩක් නෑ බං. මනෝ කියන්නෙ නිකන්ද?" මාව වටකරගෙන මිනිස්සු මට ඇගිල්ල දිග් කරනවා වගෙ නිකන් මැරුණු තනිකමක් මට දැනෙනවා වගෙ තේරෙනවා එත්...

"තොපි වහගනින් කටවල්... මොන පුකක්ද? ඌ විතරද ඕවා කරන්න ඕනේ." විනෝද් කෑ ගහද්දී ටොපා වැඩේට බැස්සා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Opowieści tętniące życiem. Odkryj je teraz