𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 21

Start from the beginning
                                    

ජන්කුක් හදිසියෙම මෙහෙම තීරණයක් අරන් තියෙන්නෙ ඇයි කියලා ජියෝන්වත් සේහිවත් හරි හේතුවක් නොදැන හිටියට ටේහ්‍යොන්ග් දන්නවා ..අනිවාරෙන්ම ජන්කුක් මෙහෙන් යන්න හදන්නෙ එයා නිසා කියලා ටේහ්‍යොන්ග් දන්නවා..එයාට ඕනි වුණේ නෑ ජන්කුක්ව යවන්න..ටේහ්‍යොන්ග් ජන්කුක්ව නවත්තන්න හැදුවා..ඒත් ඒ හැමවෙලාවෙම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වුණා..කවදාවත් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වෙලා නැති ජන්කුක් ඒ සතිය පුරාම ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වුණා.. හැමදාම!

ටේහ්‍යොන්ග් හින්දම මුලින්ම යන්න බෑ කියපු ජන්කුක් අන්තිමේදි ටේහ්‍යොන්ග් හින්දම USA යන්න කැමති වුණා..

රූම් එකෙන් එළියට ආපු ටේහ්‍යොන්ග් Coffee එක්ක හදාගෙන ඒකත් බොන ගමන් චිත්‍ර කාමරේට ගියා..ටේහ්‍යොන්ග් මේ චිත්‍ර කාමරේට ආවේ සතියකට පස්සෙ! ජන්කුක් ගිය දවසෙ ඉඳන් ටේහ්‍යොන්ග් මේ වෙනකල් චිත්‍ර කාමරේ ගිහින් තිබුණෙ නෑ..චිත්‍ර කාමරේට වෙලා චිත්‍රයක් අඳින්න තරම් නිදහස් මනසක් ටේහ්‍යොන්ග්ට තිබුණෙ නෑ..ටේහ්‍යොන්ගෙ හිතට ලොකු බරක්,වේදනාවක් දැනුණා..

Coffee mug එක මේසේ පැත්තකින් තියලා ටේහ්‍යොන්ග් canvas board එක ඉස්සරහ පුටුවක් තියාගෙන ඉඳගත්තා..

විනාඩියක්.. දෙකක්.. නෑ පැය බාගයක්ම ටේහ්‍යොන්ග් ඔහේ හිස් canvas board එක දිහා ඔහේ බලාගෙන හිටියා.

"ආහ්හ්හ්!!"

නළල දෙපැත්ත තෙරපන ගමන් ටේහ්‍යොන්ග් ඇස් වහගත්තා..සතියක් ගෙවිලත් ටේහ්‍යොන්ග්ට තවමත් කිසිම හොඳක් දැනුණෙ නෑ...










වෙලාව රෑ දොළහටත් කිට්ටුයි..සේහි නිදාගන්න කියලා ඇඳට ගියා විතරයි ගේ ඉස්සරහ කාර් එකක් horn කරනවා ඇහුණා.ඇඳෙන් නැඟිටපු සේහි ගිහින් ගේට් එක ඇරියා.ගේට් එකෙන් ඇතුල් වුණේ ටේහ්‍යොන්ගෙ කාර් එක..හැබැයි කාර් එක drive කළේනම් ටේහ්‍යොන්ග් නෙවෙයි..ටේහ්‍යොන්ග් passenger seat එකේ ඉන්නවා දැක්කම සේහිගෙ හිතට අමුත්තක් දැනුණා..ඒ නිසා සේහි කාර් එක පිටිපස්සෙන් garage එකට ගියා..

කාර් එකේ driving seat එක පැත්තෙන් එළියට බැස්සෙ හෝසොක්..හෝසොක් වටෙන් ඇවිදගෙන passenger seat එක ළඟ දොර ඇරලා ඇතුළෙ හිටපු ටේහ්‍යොන්ග්ව එළියට ගත්තා..ටේහ්‍යොන්ගෙ එක අතක් අරන් තමන්ගෙ උරහිසට දාගත්තු හෝසොක් ටේහ්‍යොන්ග්වත් අල්ලගෙන කාර් එකේ දොර වැහුවා.

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now