" මහ්...මං... මං හිතන්නේ නෑ ඒක ලේසි වෙයි කියලා ජෙනර්....එයා හමුදා ජිප් එකක නෙ එන්නෙ...."

" අහ් ඒකට කමක් නෑ නෙ...ඔයා ඉන්නවනෙ"

"මං ඉඳිය කියල මොකද්ද වෙන්නෙ??"

" අහ් ඒවනම් ඉතින්....ම්ම්... අපි හෙට දවල් ලන්ච් ටයිම් එකට කොහේ හරි යමු?!"

එන පොට හොඳ නෑ ජන්කුක්.... දවස් ගානක් ඇවිදින්න බැරි තැනට වැඩ වෙන්න ඕන නැත්තම් ඉක්මනට යවපාආආං

" ජෙනර් මම ඔයාට කී- ඉවරයි "

මම වචන, වාක්‍ය හදාගෙන ජෙනර් ට කතා කරන්න හැරුනත් පලවෙනි වාක්‍යවත් ඉවර කරගන්න උනේ නෑ මේජර් කිම් ගෙ ජිප් එක මගේ මූන ඉස්සරහ ම නැවැත්තුවා

" ඔහ් මෙයාද යාලුවා...හායි සෝල්ජර් මං ජන්කුක් ගෙ හොඳම හොඳඳඳම යාළුව ජෙනර්....මම ඇහුවා ඔයාට කියල මාව ස්ටේෂන් එක ගාවින් දාන්න පුලුවන් ද කියල...එයා කැමති නෑ නෙ කෙල්ලො එහෙම යන්නෙ නෑ කියලා...මම ආවට කමක් නෑ නෙ "

ජිප් එකේ එල්ලිලා තප්පරේට වචන දාහක් විතර කතා කරපු ජෙනර් ඇස් කට ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියා...මම සපත්තු කොණකින් පොලව හාරන්න ගත්තෙ මෙතනම වැළලෙන්න වලක් කපා ගන්න හිතාගෙන... ඇයි අප්ප අර යක්ෂ මේජර් දැන් දමාගෙන ඔරවනව ඇති....God my poor ass...

" ඔහ් ඒකට මොකද ජෙනර්... නගින්න....ඒ පාරෙන් ම තමයි අපි යන්නෙ... ජන්කුක් නගින්න ඉතින්"

ලෝකෙ තීන හොඳම මනුස්සයා වගේ දත් ටිකත් ඉස්සරහ ට දාගෙන ටේහ්‍යාන් කතා කරද්දි මම මූන බෙරි කරගත්ත...මම ඉවරයි...අද ඉවරයි

" ඉතින් ජන්කුක් මට ඔයා කවදාවත් ඔයාගෙ හොඳඳඳම යාලුව ගැන කියල නෑ නෙ"

ජිප් එකේ වාඩි උන ගමන් ටේහ්‍යාන් විරිත්තල අහද්දි මම මුකුත් නොකියා එලිය බලාගත්ත

" ඔහ් එහෙම වෙන්න ඇති...මම ඇවිත් ටික දවසයි නෙ තාම... ඒත් අපි දෙන්න පතාගෙන ඇවිත් ද කොහේදෝ හරි එකතුයි අප්ප"

ජෙනර් මටත් එක්කම උත්තර දෙද්දි මම ටේහ්‍යාන්ගෙන් සම්පුර්ණයෙන්ම විරුද්ධ පැත්තට ඔලුව හරවගෙන හිටියා... දැන් කේන්ති ගිහින් ඇති...මට විශ්වාසයි... හොඳට ම... හහ්!!

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now