♡ Cause I'm blue and gray ♡

132 31 31
                                    

සෝල් නුවර කෙළවරේ කැලෑ රොදක අත් ඇරලා දාපු ගෙදරක අදුරු කුටියක් අස්සේ වේදනාවෙන් අඩන මනුස්සයාගේ හඩ එන්න එන්නම දුර්වල වෙද්දි ඒ හඩ ඇහෙන සීමාවේ කිසි කෙනෙක් හිටියේ නෑ.

කහ පාට කලු පාට ඉරිකෑලි රටාවකට වැටුණු ටේප් පටි ඇදලා වටකරලා තිබුණු ඒ කුටිය අස්සේ ඔහු ඇරෙන්න තව හිටියේ කලුපාට කබායක් ඇදගත්තු මනුස්සයෙක් විතරයි.

බිම වැටිලා වේදනාවෙන් ඇඹරෙමින් උන්නු මිනිසාගේ වේදනාව පිරුණු බියපත් දෑස් තමන් ලග දණ නමාගෙන උන්නු පුද්ගලයා දිහාට යොමු වෙලා තිබුණේ ඒ මූණේ ඇදිලා තිබුණු වියරු හිනාව ඔහුව තවත් බියපත් කරද්දි....

ඔහුගේ දුඹුරු පාට ඇස් දිලිසුනේ වෛරයෙන්.
ඒ ඇස් රෙදි කැබැල්ලක්වත් නැතුව නිරුවතින් තමන්ගේම ලේ මත නලියමින් උන්නු මනුශ්‍යගේ සිරුර පුරා දිව්වේ ලේ පිපාසිත මෘගයෙක් වගේ.

කැපුම් පහරවල් විස්සකට වඩා තිබුණු ඔහුගේ සිරුරේ හැම ඇගිල්ලක්ම තැලිලා පොඩි වෙලා ගිහින් තිබුනේ කබාය හැදි පුද්ගලයාගේ අතේ තිබුණු මිටියෙන්.

ඒ ඇගිලි...ඇගිලි විතරක් නෙමෙයි ඒ දෑත් පවා හොලවන්න බැරි තරමට කලු කබාකාරයා ඒවා තලලා දාලා තිබ්බේ ඔහු මුලු ජීවිතේම ඒ දෑත්වලින් කරපු වැරදිවලට දඩුවම් දෙන්න වගේ.

ඔහුගේ පාද සම්පූර්ණයෙන් ම රත්කරපු යකඩ කූරුවලින් පුලුස්සලා තිබුනේ පහරකෑම් වලින් බිදුණු අස්තිවල වේදනාව ප්‍රමාණවත් නැ වගේ.

ඒ වේදනාව ඔහුව මැරෙන්න තරම් වුණත් කලු කබාකාරයා ඔහුට පහර දුන්නේ.... ඔහුව පිච්චුවේ....ඔහුව කැපුවේ...හැමදේම කළේ ඔහු නොමැරෙන සීමාවකට..

ඔහුට හෙල්ලෙන්නවත් හයියක් තිබ්බේ නෑ...ඒත් ඒ වේදනාව ඉබේම ඔහුගේ සිරුර චලනය කළේ වේදනාව දෙගුණ තෙගුණ කරමින්.

අර දුඹුරු ඇස් මොහොතකට බිම උන්නු මිනිසාගෙන් මිදුනේ කුටියේ කෙළවරකට ඒ ඇස් යොමුවෙද්දි.

හැමදේම ඒ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගත්තේ සිත්තම් පටයක් වගේ.

රෝසපාට චූටි කම්මුල්වල වේලිලා තිබුනු කදුලු..

ඒ චූටි අතපයවල තිබුණු තැලුම් පහරවල්...

ඒ වගේ ම...

•  W i n t e r  B e a r  • |  VHOPE  |  ✔  Where stories live. Discover now