♡ Everytime I smile ♡

116 35 19
                                    

"හෙලෝ දිස් ඊස් නයින් නයින් වන්..වට් ඊස් යුව ඉමජන්සි..?"

ඇයගේ අතේ තිබුනු ෆෝන් එකෙන් ඇදිලා ආපු කාන්තා කටහඩක් එහෙම කියද්දි ෆෝන් එක කනේ තියාගෙන උන්නු අවුරුදු හතේ දැරිය කාමරයෙ දොර දිහා බැලුවේ බිත්තිය මුල්ලට වෙන ගමන්.

"හ්..හෙලෝ...හෙලෝ...මං ටේහි....මට උදව් කරන්න..ඒගොල්ලෝ ආයේ එයි...මට උදව් කරන්න..."

පොඩි දැරිය වෙව්ලන හඩින් මිමිණුවේ ඇයගේ ඇස්වලින් කදුලු බේරෙද්දි..මේසය උඩ තිබුනු ෆෝන් එක දැකපු ගමන්ම ඇයට මතක් වුණේ එයාගේ පපා දවසක් එයාට පාඩම් කරවපු අන්කේ...කවදහරි එයාලා නැති වෙලාවක කරදරයක් වුණොත් ඒ අන්කෙට කෝල් කරලා උදව් ඉල්ලන්න කියලා මතක තිබුනු ඇය අනෙක් පසින් කටහඩක් ඇහුනු ගමන් කළේ උදව් ඉල්ලන එක.

"හෙලෝ...මට කියන්න ඔයා කොහෙද ඉන්නේ කියලා..."

ගැහැණු කටහඩ අහද්දි දැරිය වටපිට බැලුවේ ඇය ඉන්නේ කොහෙද කියලා තේරුම් ගන්න වගේ..

"මං..මං ඉන්නේ කාමරෙක..හැමතැනම කලුවරයි.මට මොකුත් පේන්නේ නෑ...එයාලා..එයාලා දොර් වැහුවා...!"

දැරියගේ ඉකිගැහිම් වැඩි වෙන්න ගත්තේ කාමරයේ කලුවර ඇයව තවත් බය කරද්දි.කාමරය කොණක තිබුනු පරන ලාම්පුවේ ලා එළිය ඇයට සැනසුමක් ගේන්න ප්‍රමාණවත් වුණේ නෑ.ඇය කලුවරට බයයි.කිසිම දවසක ඇය කලුවරේ ඉදලා තිබුනේ නෑ.

"නැහැ නැහැ...මට කියන්න ඔයා ඉන්නේ කොහෙද කියලා..ඉන්න තැන නම කියන්න මට.."

ගැහැණු කෙනාගේ කටහඩේ තිබුනේ නොඉවසිලිමත් ගතියක්.නමුත් ඒ දැරියගෙන් විස්තර දැනගන්න තිබුනු නොයිවසිල්ලක් වගේ නම් පෙනුනේ නෑ.

"මං..මං දන්නේ නෑ..."

ගැහැණිය ලොකු හුස්මක් පිටකළේ කරදරෙන් වගේ.

"මේ අහන්න ළමයා...මට හිතෙන්නේ ඔයා ලොකු කෙනෙක්ගේ ෆෝන් එකක් අරන් සෙල්ලමට කෝල් අරගෙනද කොහෙද..එහෙම නෙමෙයි නම් මට කියන්න ඔයා ඉන්නෙ කොහෙද කියලා .ඔයා ඉන්න තැනක් හරියට නොදැන මං කොහොමද ඔයාට උදව් කරන්නේ...මට හරි විස්තරයක් ඕනි..."

හදිසි ඇමතුම් සේවයකින් බලාපොරොත්තු වෙන්න බැරි ප්‍රතිචාරයක් ඒ ගැහැණු කෙනාගේ මුවින් පිටවුණේ එහෙම.දැරියගේ හඩින් ම ඒ අවුරුදු දහයක්වත් නැති ළමෙක් කියන එක තේරුණත් ගැහැණු කෙනා දැරිය එක්ක කතා කළේ ලොකු කෙනෙක් එක්ක කතා කරනවාවගේ.

•  W i n t e r  B e a r  • |  VHOPE  |  ✔  Where stories live. Discover now