♡ Every time I cry ♡

177 36 7
                                    

"ටේ.....!!!!!"

සුදුපාට සැහැල්ලු කලිසමකට සුදුපාටම අත් දිග සිල්ක් කමිසයක් ඇදගෙන උන්නු තරුණයා තමන් එක්කම හිනා වුණේ පඩිපෙළ දිහාවින් ඇහුණු සද්දෙට.

ඒත් ඒක ඇහුණේ නෑ වගේ ඔහු හදමින් උන්නු කෝපි එක දිය කරන්න ගත්තේ බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන.

ඔහුට මේක අලුත් දෙයක් නෙමෙයි..

අවුරුදු ගානක් තිස්සේ ඒ හඩ අහල අහලම ඔහුට දැන් ඒක පුරුදුයි..

ඔහුට දැනුනා කවුරු හරි කුස්සියට ඇතුල් වෙන හැටි.ඒ කෙනාගේ පියවර හෙමි හෙමින් තමන්ගේ පැත්තට එද්දි තරුණයා කෝපි ටික කෝප්ප දෙකකට වක්කරලා කරමින් උන්නු වැඩේ නැවැත්තුවේ හැන්ද පැත්තකින් තියමින්.

ඒත් එක්කම කොහෙන්දෝ මතු වුණු අත් දෙකක් ඔහුගේ ඉණ වටේ එතුණේ උණුසුම් සිරුරක් ඔහුව පිටුපසින් බදාගනිද්දි.

"ඇයි ඔයා මාව තනියෙන් ඇදේ දාලා ආවේ....?"

ගැඹුරු කටහඩකින් හෙමින් මුමුණන ගමන් ඒ සිරුරේ අයිතිකාරයා ඔහුගේ මුහුණ තරුණයාගෙ බෙල්ලේ හන්ගගත්තේ ඔහුගෙන් දැනෙන ස්ට්‍රොබෙරි සුවද සිත් සේ විදින ගමන්.

ඔහු ඒ සුවදට ආසයි..

ඒ සුවද එක්ක එකතු වුණු තරුණයගෙ සුවදට ඔහු ඊටත් වඩා ආසයි.

"මට ඔයාව ඇහැරවන්න හිතුනේ නෑ...."

තරුණයා කිව්වේ ඔහුගේ දැත් මතින් තමන්ගෙ දෑත් තියමින්.

"ඒ උණාට ඔයා නැති වුණාම මාව ඉබේම ඇහැරෙනවා...මට නින්ද යන්නේ ඔයා ලග ඉන්නවානම් විතරයි..."

පිටුපසින් උන්නු කෙනා තරුණයාව තවත් තමන්ගෙ සිරුරට තුරුල් කරගනිමින් කියද්දි ඔහුගේ නිරුවත් පපුවෙන් දැනෙන උණුහුම තරුණයට තවත් දැනෙන්න ගත්තේ ඔහුගේ කම්මුල් රතු වෙද්දි.

"හ්‍යුන්ග්....!!"

තරුණයා කිව්වෙ ඔහුගේ දෑතින් මිදෙන්න උත්සාහ කරමින්.ඒත් ඒකෙන් වුණේ ඔහුගේ ග්‍රහණය තවත් දැඩි වෙන එක විතරයි.

"ම්ම්ම්....?"

ඔහු මිමිණුවේ තරුණයාගේ ගෙලේ තමන්ගේ දෙතොල් තද කරමින්.

•  W i n t e r  B e a r  • |  VHOPE  |  ✔  Where stories live. Discover now