𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 47

Start from the beginning
                                    

හැපි බර්ත්ඩේ බඩී...හැමදාම ඔහොම කොල්ලා වගේ ඉන්න ඕනේ හරිද...

තැන්ක්‍යූ ගූකි...මං ඔයා එනකම් බලන් හිටියේ...

දැන් මං ආවනේ...මේ මං ඔයාට පොඩි බඩ්ඩක් ගෙනාවා...

කෝ බලන්න...

ජන්කුක් දුන්න ගිෆ්ට් එක ගත්ත කිම් ආසාවෙන් බෑග් එක ඇතුල බැලුවා...ඒකේ තිබ්බේ කිම් ආසම බ්‍රෑන්ඩ් එකේ වොලට් එකකුයි වොච් එක්කුයි...ඒ වගේම ජන්කුක් කිම් එකට ඉන්න ෆොටෝ එකකුත් ජන්කුක් ෆ්‍රේම් කරන් කිම්ට තෑගි දුන්නා...කිම් ගොඩක්ම සතුටු උනේ ඒ ෆොටෝ එක දැක්කම...

අනේ ඒක ගොඩක් ලස්සනයි ගූකි...

ඔයා කැමති නම් එච්චරයි...

ජන්කුක් කිම් දෙන්නා හිනාවෙවි කතා කර කර ඉන්න තැනට ආවේ යූන්මින් ජෙනී හෝසොක්...ජන්කුක් ට වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න එයාලා තීරනය කරා...ජන්කුක් එයාලවත් හග් කරේ ලොකු සතුටකින්...මීට මාස ගානකට කලින් මෙහෙ හිටපු විදිය ජන්කුක් ට මතක් උනා...

🐴: ජන්කුක් අපිට මොකුත් ගෙනාවේ නැද්ද?

🐰: නෑ...මගෙ බඩීට විතරයි ගෙනාවේ...

🐣: අඩුම ගානේ මේ චිමියව ඔයාට මතක් උනේ නැද්ද?

🐰: ඔයාට ගිෆ්ට් දෙන්න කෙනෙක් ඉන්නෙ...

🐣: අප්පෝ ඔව් ඔව්...හරියට තෑගි දෙනවා මෙයා...

😼: ඔය තෑගි තෝරන වැඩේ මට පේන්න බෑනෙ...

🐣: ඔව් ඔව් ඉතින්...තව්සෙ කවද්ද---

🥀: හා හා මේ...ගිහින් අපි ඩෙකරේශන් පටන් ගමුද? ජන්කුක් එන්න අපි යන්...

ජෙනී ජන්කුක් වත් එක්කන් එතනින් ගියේ ඔක්කොම එක්ක එකතු වෙලා කිම්ගේ බර්ත්ඩේ පාටි එකට ලෑස්ති වෙන්න...ජන්කුක් අනිත් අයත් එක්ක මැන්ශන් එක ඩෙකරේට් කරන්න උදව් කරා...ඒත් ජන්කුක් බැලුවේ ටේහ්‍යුන් කොහෙද කියලා ? ටේහ්‍යුන් පේන්න නැ...

ජන්කුක් වැඩක හිටියත් ජන්කුක් ගේ හිත හෙව්වෙම ටේහ්‍යුන් ව...ටේහ්‍යුන් ව දවස් ගානකින් ජන්කුක් දැක්කෙත් නෑ...ඉතින් අද ටේහ්‍යුන් ව බලන්නත් එක්කමයි ජන්කුක් ආවේ...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now