" මොකද උඹ ඔරවන්නෙ??"

" හැඥේ.......වැඩේමනෙ ඔරවන්න...මගෙ මිනිහට කේලම් කිය කියා.... හොඳක් වෙන්න එපා...."

" අපෝ යකෝ උඹේ ජරා කට....ශිට්"

ලූකස් මගේ මේසෙ උඩ තිබ්බ සිගර් පැකට් එකෙන් එකක් අරන් කටේ ගහගන්න ගමන් කෑ ගැහුවා

" මේක සැර නෑ නෙ බං... මොකද්ද මේ ෆ්ලේවර් එක?? කොෆී???."

පලවෙනි උතුරෙන් ම ලූකස් ගෙ මූණ අවුල් යද්දි මට හිනා ගියා

" ඔය Ashton Aged Maduro....ලොකු අවුලක් නෑ....ඒත් ටේයා කැමති නෑ මම සැර ඒව බොනවට.... මේකත් බොන්නෙ හොරෙන්..... වැනිලා එක ඉවර වෙලා තිබ්බ මම යද්දි ඒකයි කොෆී ගත්තෙ"

" දැන් එන්න එන්න සීතල වැඩි වෙනවනෙ බං... මෙයින් එකක් නැතුව ඉන්නෙ කොහොමද? මේක හොඳයි බොන්න පුරුදු වෙන උන්ට "

" අනේ මේ උඹ කියයි....අහු උනොත් මරයි මාව.... පටන් ගන්නෙ ම ඩොක්ටර් කෙනෙක් ඔහොම වගකීමක් නැතුව හැසිරෙනවද බ්ලා බ්ලා බ්ලා "

මම මූනත් හද හද කියෙව්ව....

" උඹ වෙනස් වෙලා ජන්කුක්.... අවුරුදු ගානක ආදරේ අන්තිමට ලැබුණ නෙ "

ලූකස් අමුතු හඬකින් කියද්දි මම එයා දිහා බැලුවා... ලූකස් මම දන්න කාලෙ ඉඳන්,මට මතක කාලෙ ඉඳන් මගේ යාළුවා..... හැම මොහොතකම මගේ ලඟින් හිටියා....එයා සතුටු වෙනව ඇති කාලකන්නි මම හොඳ විදියට හැදුන එක ගැන

" ආදරේ මිනිස්සු ජීවත් කරනව බං.....ඒ ජීවිතේ වෙනුවෙන් මිනිස්සු වෙනස් වෙනවා..... ඉතින් මම මුලින් කියන්න ගියේ ලබන සතියෙ මමයි ටේයා යි එක ගෙදරකට යනව....මෙහේම නෙවෙයි.... ටවුන් එකේ එයාට අයිති ගෙයක් තීනවා...එහෙට.... කොහොමත් මටත් හොස්පිටල් යන්න ලේසියි එතකොට "

" මිනිසුන් ප්‍රශ්න දාන එකක් නැද්ද බං?? අනික මමා පපා?"

ලූකස් ටිකක් සංකීර්ණ මූණක් හදාගෙන ඇහුවා.... ඔව් ප්‍රශ්න නම් තීනවා... ඒත් හිනාවෙන්න තීන පුංචි කාලේ මට කොහේවත් නැති ප්‍රශ්න නිසා නැති කරගන්න බෑ

" මිනිස්සු මොනව කිව්වම මොකද බං.... මං දන්නව මිනිස්සුන්ට මැජික් මේවා.... ඒත් අපිට අඩුම උනොත් තව එක අවුරුද්දක් විතර එකට ඉන්න පුළුවන්....ඒක තට්ටු දෙකක ගෙයක්...දැනටම ටේයා එහෙ ඉන්නෙ....උඩ කොටස කුලියට දෙන විදියට අඟවලා තිබ්බ...මම ඒක කුලියට ගත්ත කෙනා විදියට යනවා... සරලයි...

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now