𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 6

Start from the beginning
                                    

යුන්ගි ඇවිත් ජන්කුක්ගෙ කනෙන් ඇල්ලුවා.

"මෝඩ කුකියා! ටේහ්‍යොන්ග් හ්‍යොන්ග්නම් කීයටවත් ඔයාට කැමති වෙන එකක් නෑ ඔහොම කළොත්නම්.."

"යූන් මම ඒක හිතලා කළේ නෑ"

"ගිහින් එයාට කතා කරන්න"

"මම හ්‍යොන්ගිට sorry කියන්නද?"

"සොරි කියලා එයාගෙ මඩ වැදුණු  ෂර්ට් එකත් ඉල්ලගන්න ඊට පස්සෙ ඔයාගෙ ඇස් බෝල කරන්න.... හ්‍යොන්ගී මට සමාවෙන්න දෙන්න මම ඕක හෝදලා ගෙනත් දෙන්නම් කියලා කියන්න"

යුන්ගි කියල ඉවර වෙනවත් එක්කම ජන්කුක් වේගෙන් පඩිපෙළ නැඟගෙන උඩට දිව්වා.කොච්චර කලබලෙන් දිව්වද කියනවනම් එයාව දෙතුන් පාරක් වැටෙන්නත් ගියා..ගේ ඇතුළට ගිහින් ජන්කුක් කෙළින්ම දිව්වෙ ටේහ්‍යොන්ගෙ කාමරේට එයා යද්දි ටේහ්‍යොන්ග් ෂර්ට් එක ගලවලා දාලා අඳින්න වෙන ෂර්ට් එකක් තෝරනවා..

"හ්‍යොන්ගි!!"

ජන්කුක් වේගෙන් හති අරින ගමන් කතාකළාම ටේහ්‍යොන්ග් හැරිලා බැලුවා.ඒත් ජන්කුක්ව දැකපු ගමන් ටේහ්‍යොන්ග් ඉක්මනට අහක බලාගත්තෙ ජන්කුක් ගැන තැකීමක් නොකර..ජන්කුක් ටේහ්‍යොන්ග් ළඟට ඇවිදගෙන ගිහින් ටේහ්‍යොන්ගෙ ඉස්සරහින් හිටගත්තා ඒත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව නොදැක්කා වගේ ඇඳුමක් තෝරන ගමන් හිටියා.

"හ්‍යොන්ගී"

ටේහ්‍යොන්ගෙ අවදානෙ ඕනි නිසා ජන්කුක් ටේහ්‍යොන්ගෙ අතින් ඇල්ලුවා..එතකොට ටේහ්‍යොන්ග් ඔලුව පාත් කරලා තමන්ගෙ ළඟම හිටගෙන ජන්කුක් දිහා බැලුවා..ජන්කුක් ඔලුව උස්සගෙන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා.

"හ්‍යොන්ගි I'm sorry"

ජන්කුක් සමාව ඉල්ලද්දි ටේහ්‍යොන්ග් ආයෙත් අහක බලාගෙන එයාට ෂර්ට් එකක් තෝරන් ඒක ඇඳගත්තා.

"ටේටේ හ්‍යොන්ගි මට සමාවෙන්න..."

ටේහ්‍යොන්ග් ඇඳ උඩ ගලවලා තිබුණු මඩ ගෑවුණු ෂර්ට් එක අරන් ඒක වොශ්රූම් එකේ තිබුණු බාස්කට් එකකට දැම්මා.ජන්කුක් ටේහ්‍යොන්ගෙ පස්සෙන්ම ඇවිද ඇවිද සමාව ඉල්ලුවා.

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now