𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 5

Start from the beginning
                                    

ජන්කුක් තවම හිටපු විදියටම නිදාගෙන මහන්සි අරිනවා..ජන්කුක් දිහා බලලා කට කොනින් හිනාවුණු ටේහ්‍යොන්ග් එතන තිබුණු වතුර බෝතලයක් අරන් වතුර උගුරු කීපයක් බීලා ජන්කුක් ළඟට ගිහින් ජන්කුක්ව අනිත් පැත්ත හැරෙව්වා.

"ඇයි!!"

ජන්කුක් මූණත් රතුපාට කරන් ටේහ්‍යොන්ග්ට කෑ ගැහුවා.

"remote එක ඕනිද?"

ටේහ්‍යොන්ග් ඇහුවෙ කටකොනින් හිනාවෙන ගමන් ජන්කුක්ව තව අවුස්සන්න හිතාගෙන.

"මට ඕනි නෑ! මම මමාට කියනවා ඔයා මට සළකපු විදිය ගැන.."

"ඕහ්! seriously?"

ටේහ්‍යොන්ග් හයියෙන් හිනාවෙලා වතුර බෝතලේ මූඩිය ඇරලා ජන්කුක්ගෙ අතට දුන්නා.ජන්කුක් ටේහ්‍යොන්ග්ට රවාගෙනම බෝතලේ කටේ තියාගෙන බොන්න ගත්තා...ටිකකින් වතුර බීලා ඉවර වෙලා බෝතලේ අහකට කරපු ජන්කුක් ආයෙත් කියවන්න ගත්තා.

"ඔයා මට බැන්නා..මම කකා හිටපු snack එක විසි කළා..මට movie එක බලන්න දුන්නෙ නෑ..තව ඔයා මගේ පස්සට ගැහුවා"

ජන්කුක් එකක් ගානේ ඇඟිලි නවන ගමන් කියවද්දි ටේහ්‍යොන්ග් තොල හපන ගමන් හිනාවෙවී ජන්කුක් දිහා බලන් හිටියා.ජන්කුක් වදකාරයෙක් වුණත් එයා ගොඩක් cute කියලා ටේහ්‍යොන්ග්ට දැනුණා...ගොඩක් වෙලා ටේහ්‍යොන්ග් බැන බැන හිටපු ජන්කුක් අන්තිමේදි couch එකෙන් නැඟිටලා ඇවිත් ටේහ්‍යොන්ගෙ පපුවටත් එකක් ගැහුවා.

*knock knock*

ඒත් එක්කම වගේ දොරට තට්ටු කරනවා ඇහෙද්දි ටේහ්‍යොන්ග් ගිහින් දොර ඇරියා.එළියෙ ඇවිත් හිටියෙ සේහි එයාලා ඇවිත් දැන් ටික වෙලාවක් වුණත් කාර් එක එන සද්දෙවත් ටේහ්‍යොන්ග්ට ඇහුණෙ නැත්තෙ ජන්කුක්ගෙ කියවිල්ල හින්දා.

"මමා..."

සේහිව දැක්ක ගමන් ජන්කුක් ගිහින් පූස් පැටියෙක් වගේ සේහිගෙ ඇඟේ දැවටෙන්න ගනිද්දි ටේහ්‍යොන්ග් ඇස් රෝල් කළේ පුළුවන් තරම් එයාට වද දීලා දැන් සේහි ළඟ අහිංසකයෙක් වගේ රඟපාන නිසා.

"අපේ කුකී ඔයාට කරදර කළේ එහෙම නෑ නේද ටේහ්‍යොන්ග්?"

සේහි ඇහුවෙ හුරතල් වෙන ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන්..සේහි එහෙම අහපු ගමන්ම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලලා ඇස් හීනී කළේ මුකුත් කියන්න එපා කියලා අනතුරු අඟවන ගමන්.

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now