"තමුන්ට මෙතනට එන්න මං බුලත් දෙන්න ඕනද?"

ටැබ් එකෙන් ඇස් නොගෙන ම ජින් කියනකොට හොඳ සිහියට ආපු ගායොන් ජින්ගෙ ඉස්සරහට ගිහින් හිට ගත්තා..

"වාඩි වෙන්න"

ටැබ් එක පැත්තකින් තියන ගමන් ජින් කියනකොට ගායොන් පුටුවෙන් වාඩි වුණා..

කිසි දෙයක් නොකියා ජින් ගායොන් දිහා එක එල්ලේ බලාගෙන හිටපු නිසා අපහසුතාවයක් දැනුනු ගායොන් කටහඬ අවදි කලා..

"මිස්ටර් මට කතා කලේ?"

"තමුන්ට කියන්න කිසි දෙයක් නැද්ද?"

"ම්ම් මට- මට සමා වෙන්න"

"එච්චර ද?"

ගායොන් කලේ "ඔව්" කියලා කියන්න ඔලුව වනපු එක..

"එහෙනම් අන්න දොර එලියට බැහැලා යන්න පුළුවන්!"

"මොහ්!"

"ඇයි? මට කියන්න මුකුත් නැත්තං තවත් ඉදලා වැඩක් නෑනෙ.. අනිත් එක තමුන්ට අමාරුවක් තියෙනවා කියලා මට පේන්නෙත් නෑ.. ඒ නිසා හිටපු තැනට ම යන්න පුළුවන්!"

ගායොන්ව ගණනකට නොගෙන කියපු ජින් ආයෙත් ටැබ් එක අතට ගන්නකොට ගායොන් කේන්තියෙන් නැගිට්ටා..

"මේ මිස්ටර් ජින්! මං මේ කොහෙද ඉන්නේ කියන්නවත් මම දන්නෙ නෑ! අනිත් එක මාව මෙහෙට ගේන්න කියලා මං ඔයාට කිව්වෙ නෑනේ නේද? මාව මෙහෙට ගෙනාවෙ මං නොදැන නම් ඇයි මං ඔයා කිව්වාම මෙහෙන් යන්නෙ? එක එක්කෙනා යන්න කියන වෙලාවට යන්නයි එන්නයි මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ!"

ජින්ට බැනපු ගායොන් ආයෙත් උඩ තට්ටුවට යනකොට ජින් අත මිට මොලවගෙන ගායොන් දිහා බලාගෙන හිටියා..

"මං තමුන් ගැන ඉක්මනට බලාගන්නම් ගායොන්!"

__________________

"හ්යොන්ග්"

"කියන්න ටේහියුන්"

"මූන් ගායොන් කවදට ද යන්නෙ?"

"අද හවසට මං එයාව ගෙනිහින් දාන්නම්.. ජීමින්ට ගෙදර එන්න කියන්න.."

"අරස්සෝ.. මං ජීමිනාට කියන්නම්.."

ටේහියුන් එතනින් යනකොට ජින් පුටුවට හේත්තු වෙලා සිවිලිම දිහා බලාගත්තෙ ලොකු හුස්මක් පිට කරන ගමන්..

_______________

"බොස්"

"කියන්න"

"මේ පාර අපේ ඩ්‍රග්ස් ඉස්කෝලෙ ළමයි නියමෙට යූස් කරනවා.. පොඩි උන් පොඩි උන් කියලා නෑ.."

"හහ් ඒ කියන්නේ අපිට තව ඕඩර් එකක් දෙන්න වෙයි.."

"ඔව් බොස්.."

"ම්ම් උඹ පලයන් දැං.."

සැම්සන්ගෙ සේවකයා එතනින් පිට වෙනකොට සැම්සන් ලාච්චුවෙන් ගත්තු සිගරට් එක දල්වගෙන කල්පනාවට වැටුණා..

______________

"බහිනවා ඉතිං.."

ජිනුයි ගායොනුයි මේ ඉන්නෙ හන් ගඟ ඉස්සරහ.. ගායොන්ව කාර් එකේ දාගෙන ජින් ආවේ එයාගෙ ගෙදරින් බස්සන්න හිතාගෙන උනත් හිතේ තිබුණු කේන්තිය නිසා ගායොන්ව හන් ගඟ ඉස්සරහ බස්සන්න ජින් තීරණය කලා..

"මෙතන? ඔයා කිව්වෙ මාව ගෙදරින් බස්සවනවා කියලනේ!"

"මට වැඩක් තියෙනවා.. මෙතනින් බැහැලා යන දේවාලෙක යනවා තවත් මට වද නොදී.."

"මං ඔයාට කිව්වෙ නෑනේ ජින් මාව වදයක් කරගන්න කියලා.."

ගායොන් බාල හඬකින් කියලා දොර අරින්න හදනකොට ජින් ආයෙ හඬ අවදි කලා..

"අනිත් එක තමුසෙ ආයෙ ක්ලබ් අස්සෙ රිංගලා මට අහු උනොත් මං තමුසෙව එතන ම මරනවා!. බොන්න ඕන නං ගෙදරට වෙලා බොනවා! නටන්න ඕන නං ඩීජේ එකක් දාගෙන ගෙදරට වෙලා නටනවා! දැං යනවා!"

ජින් කියපු හැම දෙයක්ම අහගෙන හිටපු ගායොන් කාර් එකෙන් බහිනකොට ම ජින් කාර් එක ස්ටාර්ට් කරගෙන එතනින් පිට උනා..

"මෝඩයා! තව ඩින්ගෙන් මං වැටෙනවා!"

ගායොන් පොලවෙ අඩි හප්ප හප්ප කෑ ගැහුවත් ඒ වෙනකොටත් ජින් නොපෙනී ගිහිං ඉවරයි..

_______________________________

Next Episode -:

~ඔයා හිතන්නෙ එදා ශනායා මැරුනා කියලා ද ජින්? එතන උනු හැමදේම ඔයා දන්නෙ නෑ ජින්..

~ඔයා කියන්නෙ ශනායා ජීවත් වෙනවා කියලා ද?

_______

කමෙන්ට් ඕන කමෙන්ට් 😒❤️

එහෙනම් ළමයො අපි ගියා 🙊💕

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now