කදුලු පිහිදන් හොද හුස්මක් ගත්ත ජන්කුක් ටිකක් කල්පනා කරා...යූනා කියන්නෙ ඇත්ත...ඒක ජන්කුක් දන්නවා...අනික ටේහ්‍යුන් ට කිසි දෙයක් නැතිවෙනවට ජන්කුක් කැමති නැ....ඉතින් හොදම දේ..යූනා කියන විදියට ඈත් වෙන එක...
මං මිස්ටර් ජියෝන්ට මේ දේ කිව්වත්...එයා ඔයාට තේරුම් කරලා දීලා නැ...ඒකයි මංම ඔයාට තේරුම් කරේ ජන්කුක්...
ජන්කුක් ට දැනුනේ කියාගන්න බැරි දුකක්...ඒකයි එයාගේ ඔම්මයි අප්පයි එදා ඒ විදියට හැසිරුනේ...යූනා ඒ දෙන්නවත් අසරන කරලා....ජන්කුක් ට දැනුනේ ලොකු අසරනකමක්...ටේහ්‍යුන් ට වගේ හයියක් ජන්කුක් ට නෑ...
මොකුත්ම නොකියපු ජන්කුක් යූනා දිහා බලලා හිනා උනා...ජන්කුක් ගේ රතු උන ඇස් තෙත් උන කම්මුල් දිහා යූනා බලන් හිටියා...ඒත් යූනටත් වෙන විකල්පයක් නැ...ඔම්මා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න සූදානම්...
මං යන්නම් මිස් යූනා...බඩීව හොදින් බලාගන්න...මං යන්න කලින් එක පාරක් හියුන්ගී ව බලලා යන්නම්...පවුලේ කෙනෙක්ට වගේ මට සැලකුවාට ස්තූති...
ලාවට හිනාවුන ජන්කුක් පුටුවෙන් නැගිටලා කාමරෙන් එලියට ආවේ යුනා අත් වලින් මූන වහගනිද්දි...කාමරේට ආපු ජන්කුක් අඩ අඩම එයාගෙ බඩු ටික පැක් කරන්න ගත්තා...ඒත් ඇදෙන් ඉදගත්ත ජන්කුක් පපුව අල්ලන් හුස්ම ගන්න එකත් අමතක කරලා අඩන්න ගත්තේ ටේහ්‍යුන් ගෙන් ඈත් වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන ගමන්...
මේ දේ ටේහ්‍යුන් ට කෝල් කරලා කියන්න හිතුනත් ජන්කුක් තමන්ව පාලනය කරගත්තා...අඩ අඩම ජන්කුක් ඇදුමක් දාගෙන සූට්කේස් එකත් අරන් පහලට ආවේ අවාසනාවකට ඒ වෙලාවේ කිම්වත් ගෙදර නැතිවෙද්දි....
යූනා තාමත් රූම් එකේ...ගෙදර දිහා බල බල ජන්කුක් කදුලු පිහිදමින් එලියට ආවා...යූනා කලින්ම ඩ්‍රයිවර් වත් ලෑස්ති කරලා...ඩ්‍රයිවර් ඉස්සරහ අඩන්න බැරි නිසා ජන්කුක් ගොඩක් අමාරුවෙන් මූන හදාගත්තේ නොනවත්වා ඇස් වලට කදුලු පිරෙද්දි...
ජන්කුක් වාහනේට නැග්ගම ඩ්‍රියිවර් මැන්ශන් ඒකෙන් එලියට ගියේ යූනා කාමරේ ඉදන් බලන් ඉද්දි...විනාඩි ගානකින් ජන්කුක් හිටපු වාහනේ නැවතුනේ ටේහ්‍යුන් ගේ කම්පනි එක ඉස්සරහින්...ජන්කුක් හිත හයිය කරන් වාහනෙන් බැහැලා ඇතුලට ආවා...
YOU ARE READING
𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]
Fanfiction🐯 : 𝖬r.Jungkook...අපි කනකොට සද්ද කරන්නෙ නැ...ඒ වගේම කතා කරන්නෙත් නැ.. 🐰 : ඔහ් ඕකෙ..( but keeps talking ) 🐰 : ශා !! එළකිරිනේ !! 🐯 : එළකිරි...ආ..මේ වැඩේ ඉවර උනාම එළකිරි බොමුකෝ... 🐰 : * Jungshooked * Top : Tae Bottom : kook
𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32
Start from the beginning