" මං බලන්නං ඩොක්ටර්...... මං ටිකක් වෙලා හිටියනෙ "

වාඩි උන ගමන් ආපු පනිවිඩය නිසා නැගිටින්න ගිය ඩොක්ටර් හැරිසන් නවත්තලා මං නැගිටලා ඒ සෙබලා පස්සෙන් ආවා

" ගොඩක් වෙලා ගියේ නෑ නේද.........ඔයාලගෙ වැඩ එක්ක කන්න වෙලාවක් වත් නෑ නෙ...."

මං සාමාන්‍යයෙන් ලෙඩ්ඩු එක්ක හැසිරෙන සුහද බවෙන් කතා කරගෙනම ලෙඩා දිහා නොබලාම ගිහින් ග්ලව්ස් දාගෙන මගේ රන් වටින හිනාව දාගෙනම හැරුනා

හපොයි...

ආයෙ....

ඇයි මං ම???....

" ඉතින් කාලද ආවෙ"

මගේ මේසෙ ගාව පුටුවක වාඩි වෙලා හිටපු ටේහ්‍යොන් ඇහුවෙ කට කොනට අමුතු හිනාවක් ගන්න ගමන්

දැන් ඉතින් සැපයි නෙ....හදවත ගැත්තාට අනුකම්පා කරලා හිමින් ගැහෙන්න.....මුලු කදවුරටම ඇහෙනව සද්දෙ..... හපොයි....

" අහ්.... ඔව්... ඒක නිසා තමයි ටිකක් වෙලා ගියේ......"

මං පන නැති කකුල් වලට උපරිම වෙර දීල ඇවිත් පුටුවෙන් වාඩි වෙන ගමන් කිව්වා

" ම්..... මං ජන්කුක් ව බලාපොරොත්තු උනේ නෑ"

මාත් අනේ මාත්........

" හහ්.... මං පුහුණු වෛද්‍යවරයෙක් නෙ දැන්"

" හ්ම්....හැමෝම කතා වෙන හොඳ දොස්තර බලන්න උවමනාවක් ආවා..... එතකොට ඒ ඔයා?? "

" මොන දොස්තර?? "

" හොඳ හොඳ..... හරි හොද දොස්තර කෙනෙක්... හරි හොදයි.... ඔහොම කතා වෙනවා.... ඉතින් මාත් ආවෙ බලල යන්න"

දැන්නම් වලක් කපා ගන්න හිතෙනවා මෙතනම.....සුහද විදියට විහිළුවක් කරල වැඩේ කරන් ඉන්න ගියාම මුං නමුත් හදලා...හැපෝ

" බලාගත්ත නම් යන්න"

ඇයි යකෝව්..... ඔලුවෙන් ඉන්න ඕන ඔලුවෙන්...

" එතකොට බෙහෙත් දාන්නෙ කවුද? "

" හහ්?? "

මොන විකාරයක් කියනවද මන්දා... හෝව් හෝව්...එක කකුලක් දිග ඇරන් නේද ඉන්නෙ...ලේ පාට පේනවත් එක්ක...

" කකුල"

හරි නෙ මං.....එයා තුවාල කරන්... දැන් නම් මට රිදෙනවා.... එදා ටේහ්‍යොන් හමුදාවට යනවා කිව්ව දවසෙ මං කොච්චර බය උනාද කියන එක දන්නෙ මං විතරයි... මං එයාගෙ කවුරුත් නෙවෙයි... ඒත් එයා මගේ හැමදේම.....හිතේ කොච්චර හංගන් හිටියත් මං කොච්චර ආදරෙයි ද කියල දන්නෙත් මං ම විතරයි.. එහෙම එකේ දැන දැනම එයා මරු කටට යන්නෙ කියල දැනෙද්දි මං හැසිරුණේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ...අද ආයෙ ඒ වේදනාව දැනුණා.... ඇයි මටම මෙහෙම රිද්දන්නේ

A Moment Of Slience || Taekook || Competed حيث تعيش القصص. اكتشف الآن