හිමින් හිමින් දවස ගෙවිල ගියා..... තෝරාගැනීම් නිසා අද මුකුත් ඉගැන්නුවේ නෑ....මහ අපරාධයක් ඒක නං.... මං ඉතින් පුස්තකාලෙ තමයි ජීවත් උනේ.... ලූකස් මගේ පිටින් දාලා පුස්තකාලෙට වෙලා හොඳට නිදාගත්තා....හවස දෙක විතර වෙද්දි තවත් ඉන්න බෑ කියලා දැනෙද්දි මං ලූකස් වත් කතා කරගෙන ගෙදර යන්න පාරට ආවා...... උදේ පාන්දරම අසනීප උන නිසා මං හිමින් සයිකල් එක පැද්දෙ... ලූකස් නං කිව්ව එක්කන් යන්නං කියල... ඒත් කොහොමද එහෙම දෙවෙනි වෙන්නෙ....

හිමින් හිමින් නගරෙන් ඇතුලට යද්දි පරිසරය වෙනස් වෙද්දි ඒක බලාගෙන ඉන්න ආස හිතෙනවා..... ඒක දැනෙන්නෙ ඇස් දෙකට වත්, ස්පර්ශයට වත් නෙවෙයි...හදවතට..... හදවතින් පරිසරය විදිනකොට ඒක ගොඩක් දැනෙනවා... අපි කොච්චර ලස්සන පරිසරයක හිටියත් අපි ඒක හදවතින් විදින්නෙ නැත්තං කවදාවත් ඒකෙ ලස්සන බලාගන්න අපිට ලැබෙන්නේ නෑ.....

තව පොඩ්ඩෙන් අමතක වෙනවනෙ.....අද කදු මුදුන් බලන්න යන්න නෙ හිටියෙ....ශිට් මේ විකාර නිසා අමතක උනා

" ජන්කුක් මොකද නැවැත්තුවෙ ?? "

මං හදිස්සියෙම අමතක උන ගමන මතක් උන නිසා සයිකල් එක නැවැත්තුවා... මගේ පිටිපස්සෙන් ආපු ලූකසුත් මගේ ගාව නැවතිලා... මගේ සිහිය කොහෙද මංදා

" අද අපේ ගමන අමතක උනා නෙ"

" මොන ගමනක් ද? "

ඔය ඔය මූ වගේ එකෙක් යාලුව කරගත්තාට මට ගහන්න ඕන

" ඇයි බං අද කදු මුදුන් වල මල් පිපුණු එක බලන්න යනව කිව්වෙ"

" අපොයි....අමතක උනා නෙ...... මොකද කරන්නෙ ඉතින් යනවද? "

" නැත්තං.... අක්ක මාව ඇදගෙන යයි ගෙදර හිටියොත්.... මං ඉක්මනට මොනව හරි කටේ දාගෙන චිත්‍රයක් අදින්න බඩු ටිකත් උස්සන් එන්නං"

" මං එන්න පරක්කු වෙයි නෙ"

" හරි ඉතින් මං යන්නම්.....උඹ වරෙන්...හා නෙ?? මං ගියා එහෙනම්... පරක්කු වෙන්න බෑ"










1356,1357,1358,1359.............වාහ්...තව ටික දුරයි.... බිම් මට්ටමේ ඉදන් ටික ටික උස වැඩිවෙන පොඩි පොඩි කදු උඩට නගින එක හරි විනෝදයි.... ලොකු මහන්සියක් නැතුවම පැයකින් විතර කදු මුදුනට නගින්න පුලුවන්..... ලොකු ආනතියක් නැති නිසා මහන්සියක් නෑ.... මං දැන් පැයකට ලං වෙන්න කන්ද නැග්ග.. මං නගින්නෙ ටිකක් ලොකු කන්දක් නිසා ටිකක් වෙලා යනවා.... ලූකස් එනකං බලාගෙන හිටියොත් මට චිත්‍රෙ අදින්න බැරි වෙන නිසා ඌට ඕන වෙලාවක එන්න කියලා මං ඉක්මනට නැග්ගා.... දැන් නං මුදුන පේන මානෙ..

A Moment Of Slience || Taekook || Competed حيث تعيش القصص. اكتشف الآن