"මේක නීතිවිරෝදි දෙයක්.."

මින්හෝ ගහපු පයින් පාරකින් ඇල අයිනට විසිල් වෙලා ගිය මන් අමාරුවෙන් නැගිටගන්න උත්සහා කරනගමන් එහෙම කියද්දි මින්හෝ මට තව පයින් පාරක් ගැහුවා.

ඒකෙන් මාව ඇලට වැටෙද්දි මට මගෙ ඇගෙන් ලොකු වෙනසක් දැනෙන්න ගත්තා..

මගේ නහර දිගේ අමුතු ශක්තියක් ගලන් යද්දි කඩුවත් අරන් වතුරේ හිටගත්තු මන් මගේ දිහාට දික්වුන මින්හෝගේ හෙල්ල දෙකට කැඩෙන්න කඩුපාරක් දීලා කඩු මිටෙන් එයාගේ බලලට ගැහුවා..

ජැකීගේ බඩට ලොකු පයින් පාරක් දුන්න මන් බෙක් හියුන්ට ගහන්න යද්දිම අපේ පිලේ අය ප්‍රීතී ඝෝෂා කරන්න ගත්තා..

අපි දිනලා...යේ...🥳🥳🥳

මූන අදුරු කරන් හිටි මින්හෝ දිහා බලන් මන් හිනාවෙද්දි එයා ආයෙම කඩුව උලුක් කරන් මගෙ දිහාට ආවා.

එයාගේ කඩුපහරින් බේරෙන්න ඇලෙන් එගොඩ උන මන් ඇගේ තිබුන ශක්තිය නැතිවෙලා පොලවට කඩන් වැටුනා..

ඒ එක්කම මින්හෝව වතුරෙන් ඈතට විසික් වෙලා යද්දි හොබී ඉක්මනින්ම මන් ලගට දුවන් ආවා..

"ඔයා හොදින් නේද ටේ..අහ්..ඔයාට තුවාල වෙලා.."

මන් වතුරෙන් එගොඩ වෙද්දි මින්හෝගේ මුවහත් කඩුව වැදිලා වුනු තුවාලෙන් ලේ ගලද්දි මාව ඇල ලග වාඩි කල හෝබී තුවාලෙට වතුර දාන්න ගත්තා..

"ඕ..දෙවියනේ..මොකක්ද මේ..ඔයා ඒක කොහොමද කලේ.."

"මොකක්ද..."

"ඔයාගේ තුවාල..ඒවා..ඒවා නිකන්ම මැකිලා යනවා.."

"අහ්.."

මන් හොබී කිව් දේට අවදානේ යොමු කරන්න හැදුවත් එක සැරේම බයානක විදිහට සතෙක් කෑගහන සද්දයක් කැලෑව ඇතුලින් ඇහෙන්න ගත් නිසා මන් බයවෙලා වටපිට බලන්න ගත්තා..

ඒ සද්දෙ ඇහුන ගමන් මාව නැගිටව ගත්තු හොබී එයාගේ කඩුව අතට තද කරගත්තා.

ජූන් හියුන් එයා අතේ තිබුන රතුපාටින් අලුපාටට හැරුන කොඩිය අතෑරලා දුනු ඊතල ලෑස්ති කරගද්දි හැමෝටම තමන්ගේ ආයුද ලෑස්තිකරගන්න කියලා කයිරොන් අවවද කලා..

"ටේ දුවන්න..."

ලොකු උසමහත යෝධ බල්ලෙක් වගේ ඇග පුරාම උල් කටු තීන යක්ෂ තාලේ තත් තීන බල්ලෙක් එක සැරේම මගෙයි හොබීගෙයි ඉස්සරහට කඩන් පනිද්දි හොබි සද්දෙන් එහෙම කිව්වා..

එයා කිව් දේ අහලා ඇලෙන් එගොඩට පැනලා මන් දුවන්න ගත්තත් ඒ සතා මට වඩා ඉක්මන් වෙලා මාව බිම පෙරලගේන හපන්න ගත්තා..

උගේ උල් කටුයි උල් දතුයි ඇගඇතුලට කිදා බහිද්දි මන් මහ හයියෙන් කෑගැහුවා..

ඒ එක්කම කොහෙද ඉදන් කඩා පාත් උන සුගා හියුන් රත්තරං පාටින් දිලිසුන අකුනක හැඩේ කඩුවකින් ඒ අමුතු සතාගේ බෙල්ල කපා දැම්මා..

ඊතල වැදිලා තුවාල වෙලා හිටි සතා සුගා හියුන්ගේ කඩුපහරත් එක්ක මගේ ඇග උඩට කඩන් වැටෙන්න යද්දි ඉක්මන් උන සුගා හියුන් මාව එයා ලගට ඇදලා ගත්තා.

"ඔයා හොදින්ද..."

"නෑ..මට අමාරුයි..."

අමුතු සතාගේ හැපුම් පාරවලින් මගේ පපුවෙන් ලේ බේරෙනවා මට දැනුන නිසා මන් එහෙම කියද්දි ඉක්මනින්ම හොබි අපිට ලන්වුනා..

කයිරොන් මාව අරන් බෙහෙත් කරන තැනට යමු කිව්වත් සුගා හියුන්ටමාව වතුරෙන් තියන්න කියලා හොබී බල කලා..

අන්තිමට කයිරොන් පැරදෙද්දු සුගා හියුන් මාව වතුරෙන් තිබ්බා.

ඇලේ වතුරවල සීතල මගෙ ඇග සනසද්දි මට ලොකු සැහැල්ලුවක් දැනුනා..

ටික ටික ඇගෙන් දැනුන වේදනාව මගෙන් ඈතට යද්දි මන් ඇස් ඇරලා වටපිටාව බැලුවා.

මගේ ඇගේ තුවාල ටික ටික මැකෙන්න අරන් තිබුනා වගෙම මගේ වටේ හිටි පිල්දෙකේම අය වගෙම කයිරෝනුත් මන් දිහා බලන් හිටියේ වික්ෂිප්ත වෙලයි..

"තීරනය ලැබුනා..."

මගේ ඔලුවට උඩින් තිබුන යම් දෙයක් දිහා බලන් කයිරෝන් එහෙම කියද්දි මන් මගේ ඔලුව උඩ බැලුවා..

ඒක කොල පාට ත්‍රිශූල සලකුනක්..

"ඒ ඔයාගේ තාත්තා.."හොබී මිමිනුවා..

"පොසෙයිඩන්..පෘතුවිය සොලවන්නා, කුනාටු ගෙන එන්නා,තුරගයින්ගේ ආරක්ෂකයා,තුගයින්ගේ උත්පාදකයා, සැරදේවා පර්සියස් ජැක්සන්.."

කයිරෝන් ඇතුලු කදවුරේ සියලුදෙනාම, මින්හෝ ජැකී එයාගේ සොහෝදරයෝ සියලු දෙනාම දනගහලා ආචාර කලා.

------------------------------------------------------------

කතා කෑම කලාවක්නම් මන් එහි පිකාසෝ වෙමී..😬🙃

A sub - godWhere stories live. Discover now