Chapter 6

77 26 3
                                    

ජන්කුක්ගේ කැගැහිල්ලට ' මිසිස් හන් ' අපේ ගනිත ගුරුවරිය ජන්කුක් ලගට දුවන් ආවා..

ඒයා ජන්කුක්ට පුදුම විදිහට ආදරෙයි..
එයාට ජන්කුක් අහිංසක කියුට් හොද ලමයෙක් වෙද්දි මම යස්සපැටියෙක් උනා.

එයා මට ආදරෙන් කතාකරොත් එදාට මට හිතාගන්නවත් බැරි විදිහේ දඩුවමක් ලැබිලයි නතර වෙන්නේ..

ඒ සිදුවීම උන වෙලාවෙ ඉදන් ලමයි අතරේ කසුකුසුවක් පැතිරුනා..

"ඔයා දැක්කද ඒක"

"වතුර "

"හරියට එයාව ඇදලා ගත්තා වගේ "

එයාල මොනවා කියවනවද කියලා තේරුනේ නැතත් මම ආයෙමත් අමාරුවක වැටුනා කියලා නම් මට තේරුනා..

කියුට් ජන්කුක් පැටියට කරදරයක් නෑ කියලා දැනගත්තට පස්සේ එයාට කෞතුකාගාරයේ කඩෙන් අලුත් ඇදුමකුයි තව එක එක ඒවයි අරන් දෙන්න පොරොන්දු උන මිසිස් හන් ඊට පස්සේ මාව අල්ලගත්තා..

එයාගේ ඇස් දෙකේ ජයග්‍රාහී බැල්මක් තිබුනේ හරියට මේ වාරය පුරාම එයා දකින්න බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මන් කලා වගේයි..

"දැන් පැටියො-"

"මං දන්නවා..මාසයක්ම වැඩ පොත් මකන්න වෙනවා " මම කිව්වා.

"යමු මාත් එක්ක" මිසිස් හන් කිව්වා..

"ඉන්න.මමයි ඒක කලේ, මමයි එයාව තල්ලු කලේ" ජිමින් කෑගැහුවා

මම ජිමින් දිහා බලන් හිටියේ පුදුම වෙලා. එයා මාව ආරක්ෂා කරන්න උත්සාහා කරන එක මට අදහාගන්න බැරි උනා

"මන් එහෙම හිතන්නෑ පාර්ක් ජිමින්.." මිසිස් හන් ජිමින්ට දරුනු බැල්මක් දාලා කිව්වා..

"ඒත්..-" "ඔයා කටවහගෙන ඔතනට වෙලා ඉන්න" ජිමින් මගේ දිහා අසරන බැල්මකින් බැලුවා..

"අවුලක් නෑ..මාව බේරගන්න හදපු එකම ලොකු දෙයක්.."

"වස්තුවේ..දැන්වත් යමු.."මිසිස් හන් කිව්වා.

මන් හන් එක්ක යද්දි ජන්කුක් මට හිනා වුනා මන් එයාව පස්සෙ අල්ලගන්නම් කියලා බැල්මක් දාලා හන් ඉන්න දිහා බැලුවා..

ඒ වෙද්දි එයා හිටියේ කෞතුකාගාරයේ දොරටුව ලග..මෙච්චර ඉක්මන්ට එතනට ඉගිලුනාද මන්දා..

හන් එක්ක ඉද්දි ඕක නිතරම වෙනවා.ඒ වගේ වෙලාවලට මට දැනෙන්නේ නිකන් අහසින් පාත් වුනා වගෙයි..

මන් පඩිපෙල නගින ගමන් ජිමින් දිහා බැලුවා..එයා මිස්ටර් ලී දිහයි මන් දිහයි බැලුවේ මාව එයාට පෙන්නන්න වගෙයි..

ඒත් නවකතාපොතක ගිලිලා හිටපු ලී මාව දැක්කේ නැ..මන් ආයේ ඉස්සරහා බලනකොට හන් ආයේ පාරක් අතුරුදහන් වෙලා හිටියා..

එයා හිටියේ අපි කලින් හිටපු පිලිම තිබුන ශාලාව ඇතුලේ..ඒ ශාලාවේ හිටියේ අපි දෙන්නා විතරමයි

"ඔයා අපිට හරියට කරදර දුන්නා වස්තුවේ" මන් දිහා අත් බැදන් බලන් හිටිය හන් කිව්වා..

"ඔව් මැඩම්" මේකෙන් බේරෙන්න ඕනි නිසා මන් කිව්වා.

"ඔයා හිතන්නේ එහෙම කිව්වා කියලා පැනලා යන්න හම්බ වෙයි කියලද"ලෙදර් ජැක්ට් එක මැනික්කටුව ලගට එනකන් අදින ගමන් එයා ඇහුවා.

එයාගේ ඇස්වල තිබුනේ තරහකටත් වඩා වැඩි දෙයක්.ඒක මහ යක්ෂ බැල්මක්.

"ම-මම මීට වඩා හොදට හැසිරෙන්න බලන්නම්,මැඩම්" මම කිව්වා.

අකුනු හඩකින් ශාලාවම දෙදුරුම් කෑවා.

"අපි මෝඩයෝ කියලා හිතන්න එපා කිම් ටේහියුන්ග්"මිසිස් හන් කිව්වා.

"ඔයාව නිරාවරනය කරගන්න අපිට උවමනා වුනේ ටික කාලයක් විතරයි. පාපොච්චාරනය කරනවා, එහෙම කලොත් ඔයාට වැඩිය විදවන්න වෙන එකක් නැතිවෙයි.."

එයා කියන්නේ මොනවා ගැනද කියලනම් මට තේරුනේ නෑ..

මම හිතුවේ නේවාසිකාගාරේ මම රසකැවිලි හංගලා තියාගෙන අනිත් ලමයිට හොරෙන් විකුනපු එක එයාට අහුවෙන්නැති කියලා.

එහෙම නැත්තන් ටොම් සොයර් පොතගැන මම රචනාව ලිව්වේ ඒ පොත අල්ලන්නෙවත් නැතුව ගූගල් එකෙන් කොපි කරලා කියලා එයා හොයාගන්න ඇතී..

අයියෝ.... එහෙම උනොත් මට දුන්නු ලකුනු ටිකත් කපලා දායිද දන්නේ නෑ.. ඊටත් වඩා විනාශයක් වෙන්නේ එයාලා මට පොත කියවන්න කිව්වොතින්.

"ඉතින්?" එයා මට සැර කලා..

"මැඩම් මම මුකුත් "

"ඔයාගේ කාලේ ඉවරයි.." එයා සර්පයෙක් වගේ පිම්බා..අත්භූත බයානකම දේ උනේ ඊට පස්සෙයි..

A sub - godWhere stories live. Discover now