Chapter 10

76 23 8
                                    

ඊලග දවසේ හවස මම පැය තුනක ලතින් විභාගයක් ඉවරකරලා යන ගමන් සිටියේ.

මම වැරදියට ලියපු ඔක්කොම ග්‍රීක හා රෝම නම් මගේ ඇස් දෙක ඉස්සරහා පාවෙවී තිබුනා.

ඒ වෙලාවේ මිස්ටර් ලී ආපසු මට ඇතුලට කතාකලා..

එක මොහොතකට මට හිතුනේ,මම ඊයේ රෑ එයාලගේ කතාව හොරෙන් අහගෙන සිටි බව සර්ට මාට්ටුවෙලා කියලයි..

"ටේහියුන්,ඔයා ස්කූල් එක දාලා යනවා කියලා පහුබහින්න එපා,ඒක උනේ හොදටයි කියලා හිතන්න"

එයා ඒක කාරුණිකව කිව්වා උනත් මන් ඒකෙන් අපහසුතාවයට පත් වුනා.

මොකද එයා කියපු එක විභාගේ ලියමින් හිටපු අනික් අයට ඇහුනා..කැරට් හාවා කට ඇරලා මට විරිත්තන්න ගත්තා..

"හරි සර්.." මන් අපහසුවෙන් මිමිනුවා.

"මම අදහස් කලේ ඔයා හරියන්නේ මෙහෙට නෙවෙයි කියලා"

ඒක ඇහුවම මගෙ ඇස් වලින් තරු විසික් උනා.

මම ගොඩක්ම කැමැත්තෙන් හිටපු ගුරුවරයා මුලු පන්තිය ඉස්සරහම මට කියනවා මාව ස්කූල් එකෙන් එලවන එක සාදාරනයිලු..

"ඇත්ත.." මම වෙවුලන හඩින් කිව්වා.

"නෑනෑ......ඔහ්, මම කියපු දේ ඔයා පටලගත්තා.මම කියන්න හැදුවේ ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා"

"බොහොම ස්තූතියි සර් ඒක මතක් කරලා දුන්නට.." මන් සර්ගේ මූනටම කිව්වා..

"ටේහියුන්"

ඒත් මන් නවතින්නැතුව දිගටම මගේ රූම් එකට ගියා..

එයා කියන එක ඇත්ත.මන් සාමාන්‍ය ලමයෙක් නෙමේ..

මම විශේෂ අවශ්‍යතා සහිත ලමයෙක්.මම වර්න අන්ධතාවයෙන් වගෙම දෙයකට අවධානය යොමු කරන්න බැරි(ඒ.ඩී.එච්.ඩී) ආබාධ වලින් පෙලෙනවා..

මන් ඉන්නෙත් සාමාන්‍ය ස්කූල් එක්ක නෙමේ..

මන් ඉන්නේ ආබාධිත ගුරුවරු උගන්වන ආබාධිත ලමයි ඉගෙන ගන්න ස්කූල් එකක..

එතකොට මිස්ටර් ලී කියන්නේ රෝද පුටුවක ඉන්න ලතින් ගුරුවරයෙක් ජිමින් කියන්නේ කකුල් දෙකේ ආබාධයක් තීන ලමයෙක්..

A sub - godWhere stories live. Discover now